Tuesday, May 14, 2024
Home » පොලිසියයි නගර සභාවයි පුත්තලම කලපු තීරයේ කුණු ටොන් දෙකක් අයින් කරයි

පොලිසියයි නගර සභාවයි පුත්තලම කලපු තීරයේ කුණු ටොන් දෙකක් අයින් කරයි

by sachintha
April 29, 2024 1:34 am 0 comment

පුත්තලම පොලිස්ථානය හා නගර සභා සේවකයන් එක් වී සංවිධානය කළ පුත්තලම කලපු තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් පෙරේදා (27) පැවැත්විණි.

මෙම ශ්‍රමදානය පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා පුත්තලම මූලස්ථාන පොලිසියේ හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් 30කට ආසන්න පිරිසක් සමඟ පුත්තලම නගර සභාවේ වැඩ අංගණ සේවකයන් 30කට ආසන්න පිරිසක්ද මේ සඳහා එක් වී තිබේ.

පැය තුනකට ආසන්න කාලයක් පැවති කලපු තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයෙන් අනතුරුව පොලිතින් හා ප්ලාස්ටික් සමඟ අනිකුත් අපද්‍රව්‍ය, ට්‍රැක්ටර් රථ හයකට ආසන්න සංඛ්‍යාවක් හරහා ඉවත් කිරීමට හැකි වූ බව ශ්‍රමදානයට එක් වූ පිරිස් පවසති.

පුත්තලම වැඩ බලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.එම්.ජී. සමන් ප්‍රියන්ත මහතා සමඟ පුත්තලම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.සී. කුලතුංග මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මෙම ශ්‍රමදානය සංවිධානය කර තිබිණි.

පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT