Home » ‘BOC Youth’ ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙයි

‘BOC Youth’ ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙයි

by mahesh
May 3, 2024 1:00 am 0 comment
ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු ආර්.එම්.එන්. ජීවන්ත

ලංකා බැංකුව විසින් ශ්‍රී ලාංකික තරුණ නවෝත්පාදකයින් සහ ව්‍යවසායකයින් බල ගන්වමින්, ඔවුන්ගේ ව්‍යාපාරික සිහිනය යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන්ම නිර්මාණය කරන ලද ‘BOC Youth’ ණය යෝජනා ක්‍රමය එළි දැක්වීම පසුගිය දා සිදු කෙරිණි. වසරකට 7%ක ආකර්ෂණීය පොලී අනුපාතයක් සමඟින් රුපියල් 500,000ක උපරිමයකට යටත්ව ලබා දීමට සැලසුම් කර ඇති මෙම සුවිශේෂී ණය යෝජනා ක්‍රමය හරහා තරුණ ව්‍යවසායකයින් 10,000ක් සවිබල ගැන්වීම ලංකා බැංකුවේ අරමුණයි. ‘BOC Youth’ ණය යෝජනා ක්‍රමය මඟින් නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මෙන්ම පවතින නව ව්‍යාපාර පුළුල් කර ගැනීම සඳහා තරුණ තරුණියන් වෙත මූල්‍ය සහයෝගය ලබා දෙයි.

නවෝත්පාදනයේ බලය හා අවශ්‍යතාව පිළිබඳව ඉතා හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කරන ලංකා බැංකුව, වයස අවුරුදු 30ට අඩු, පැහැදිලි ව්‍යාපාරික සැලසුමක් සතු ඕනෑම පුද්ගලයකු වෙත ‘BOC Youth’ ණය පහසුකම ලබා දීමට කටයුතු කරන අතර, අදාළ ව්‍යාපාරයේ සෑම අදියරකදීම එහි වර්ධනය සඳහා උපරිම සහයෝගය ලබා දෙමින්, මෙරට තරුණ ව්‍යවසායකත්වයට අවශ්‍ය ශක්තිය හා රැකවරණය ලබා දීමට ලංකා බැංකුව කටයුතු කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (සංවර්ධන බැංකු හා ශාඛා ණය මෙහෙයුම් කලාප අංක II) ආර්.එම්.එන්. ජීවන්ත මහතා ප්‍රකාශ කළේ, “ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායකයින් වෙත සහයෝගය ලබා දීම වෙනුවෙන් ලංකා බැංකුව නිරන්තරයෙන් කැප වෙනවා. ඒ නිසාම ඔබට ළඟම ඇති ලංකා බැංකු ශාඛාවට පැමිණ, තරුණ ඔබගේ ව්‍යාපාරික සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීමට, ලංකා බැංකුව පිරිනමන ‘BOC Youth’ ණය යෝජනා ක්‍රමය සමඟ අත්වැල් බැඳ ගෙන සෞභාග්‍යමත් අනාගතයක් කරා යන ගමන අද ම අරඹන ලෙස ඔබට ආරාධනය කර සිටිනවා” යනුවෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT