Home » යුනියන් ඇෂුවරන්ස්, යුනියන් බැංකුව සමඟ බැංකු රක්ෂණයේ විශිෂ්ටත්වය අගයයි

යුනියන් ඇෂුවරන්ස්, යුනියන් බැංකුව සමඟ බැංකු රක්ෂණයේ විශිෂ්ටත්වය අගයයි

by mahesh
May 3, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු රක්ෂණ සේවා සපයන්නා වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, යුනියන් බැංකුවේ බැංකු රක්ෂණ අංශය වෙනුවෙන් සම්මාන පිරිනැමීම සඳහා බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේ පැවති Diamond Awards 2023 සම්මාන උලෙළට සත්කාරකත්වය සැපයීය. ‘නොබිඳෙන දීප්තිය’ (Unbreakable Brilliance) යන තේමාව යටතේ බැංකු රක්‍ෂණ අංශයේ හවුල්කාරිත්වයේ ප්‍රබලත්වයට සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වයේ ශක්තිමත්භාවයට ගැලපෙන පරිදි මෙම සම්මාන උලෙළ පැවැත්විණි. මෙම අවස්ථාවට යුනියන් බැංකුවේ බැංකු රක්ෂණ අංශයේ ජයග්‍රාහකයින් හඳුනාගෙන ත්‍යාග පිරිනැමීම සඳහා සමාගම් දෙකෙහි ම විධායක කමිටු සාමාජිකයින්, කළමනාකාරීත්වය සහ කණ්ඩායම් සාමාජිකයෝ සහභාගි වූහ.

මෙහිදී ජයග්‍රාහකයින් 85 දෙනකුට අධික සංඛ්‍යාවකගේ සේවය අගයනු ලැබූ අතර, මෙම උත්සවයේ ප්‍රධාන විශේෂත්වය වූයේ, 2023 වසරේ පැවති දියමන්ති සම්මාන තරගාවලියේ ජයග්‍රාහකයින් සහ ප්‍රධාන විධායක නිලධාරී තරගාවලිය (CEO’s Lounge Competition) සඳහා සුදුසුකම් ලැබූ සාමාජිකයින් ඇගැයීමයි. මෙහිදී, මුදල් ත්‍යාග සහ විදෙස් සංචාර ඇතුළු විස්මිත ත්‍යාග රැසක් ජයග්‍රාහකයින්ට පිරිනමන ලදි.

විශිෂ්ටතම කලාප කළමනාකරුට හිමි සම්මානය චමින්ද ප්‍රනාන්දු විසින් දිනා ගත් අතර, කලාපීය කළමනාකාර කාණ්ඩය යටතේ ඉහළම ආදායම් උත්පාදනය සඳහා වන සම්මානය කසුන් ද සිල්වා විසින් දිනා ගන්නා ලදි. පිටකොටුව ශාඛාව වාර්ෂික ශූරතා පලිහ දිනා ගත් අතර, වරකපොල, කුලියාපිටිය, කොටහේන, මොරටුව, නාවල සහ බොරැල්ල ශාඛාවන් 2023 වසරේ දියමන්ති සමාජ ජයග්‍රාහකයින් ලෙස ඇගැයීමට පාත්‍ර විය.

යුනියන් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී, ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, ‘යුනියන් බැංකුව සහ යුනියන් ඇෂුවරන්ස් සමාගම ආරම්භයේ පටන් දෙපාර්ශ්වය අතර ඵලදායී හවුල්කාරීත්වයක් අත්වින්දා. නව්‍ය ජීවිත රක්‍ෂණ විසඳුම් සමඟ අපගේ පාරිභෝගිකයාගේ මූල්‍ය යහපැවැත්ම වැඩිදියුණු කරන අතර ම අපගේ නිෂ්පාදන පිරිනැමීම් වැඩිදියුණු කර තිබෙන අතර, මෙම සහයෝගිතාව හේතුවෙන් වසර ගණනාවක් පුරා ශක්තිමත් වර්ධනයක් අත්කර ගැනීමට අපට හැකි වී තිබෙනවා. අපි ඉදිරියට යද්දී, යුනියන් ඇෂුවරන්ස් සමඟ එක්ව බැංකු රක්ෂණ සේවාවල විශිෂ්ටත්වය ලබා දීමට සහ අපගේ ගනුදෙනුකරුවන් සඳහා කල්පවත්නා වටිනාකමක් නිර්මාණය කරන්න අපි කැපවී සිටිනවා’ යනුවෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT