Home » Twitter නිල් කුරුල්ලාට සමුදෙයි

Twitter නිල් කුරුල්ලාට සමුදෙයි

by chanaka
July 24, 2023 1:36 pm 0 comment

ට්විටර් ලාංඡනයේ සිටින සුප්‍රසිද්ධ නිල් පක්ෂි සංකේතය නිල වශයෙන් වෙනස් කිරීමට එලෝන් මස්ක් තීරණය කර තිබේ.

එම සංකේතය “X” ලෙස වෙනස් කිරීමට තමා සැලසුම් කරන බවත් Twitter හි නව ලාංඡනයේ කළු පැහැති පසුබිමක සුදු X අකුරේ පින්තූරයක් Twitter හි ප්‍රධාන විධායකවරයා විසින් එළිදක්වා ඇත.

ලොව පුරා ඉතා ඉක්මණින් මෙය වෙනස් කිරීමට පියවර ගන්නා බවද එලෝන් මස්ක් Twitter සටහනක් තබමින් සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Twitter කුරුල්ලාට අමතරව එම සන්නාමයටද සමු දෙන බව ඔහු ප්‍රකාශ කර තිබුණි.

මෙය බොහෝ කළකට පෙර සිදු කිරීමට තිබූ දෙයක් බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් එලෝන් මස්ක් සඳහන් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT