Home » පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දසේන අභාවප්‍රාප්ත වෙයි

පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දසේන අභාවප්‍රාප්ත වෙයි

by chanaka
April 4, 2024 8:20 am 0 comment

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්‍රාප්ත වී ඇත.

ඒ මහතා මියයන විට 69 වන වියේ පසුවුණි.

හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (04) අළුයම අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්ය.

ඔහු පදවිය ප්‍රාදේශීය සභාවේ සහ උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වූ අතර එහිදී ඔහු පළාත් අමාත්‍ය ධුරයක් ද හෙබවීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT