Home » බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් (වීඩියෝ)

බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් (වීඩියෝ)

by chanaka
April 15, 2024 10:36 am 0 comment

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට අයත් මුම්බායි හි බන්ද්‍රා හි පිහිටි නිවස ඉදිරි පිට වෙඩි තැබීමක් සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ අලුයම 5.00ට පමණ සල්මාන් ඛාන් වාසය කරන නිවස පිහිටි Galaxy Apartments නිවාස සංකීර්ණයෙන් පිටතදී අවම වශයෙන් වෙඩි ප්‍රහාර හතරක් පමණ එල්ල වී ඇතැයි ස‍ඳහන්වේ.

ඉන්දීය ජනමාධ්‍ය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය පොලිසිය සහ අපරාධ අංශය පරීක්‍ෂණ ආරම්භ කර ඇත. සිද්ධිය විමර්ශනය සඳහා අධිකරණ වෛද්‍ය විද්‍යා විශේෂඥයන් කණ්ඩායමක්ද එම ස්ථානයට පැමිණ තිබුණි.

පසුගිය වසරේ මාර්තු මාසයේදී ද සල්මන් ඛාන්ට තර්ජනය කරමින් ඔහුගේ කාර්යාලයට ඊමේල් පණිවිඩයක් ලැබී තිබිණි.

අනතුරුව මුම්බායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවක් ලෙස හඳුනා ගැනුණු ලෝරන්ස් බිෂ්නෝයි සහ ගෝල්ඩි බ්‍රාර්ට යන පුද්ගලයන්ට එරෙහිව පියවර ගෙන තිබිණි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT