Home » යහ­පත් අතට පත් වන ශ්‍රී ලංකා­වට තව­දු­ර­ටත් සහාය දෙන බවට ලෝක බැංකු­වෙන් සහ­ති­ක­යක්

යහ­පත් අතට පත් වන ශ්‍රී ලංකා­වට තව­දු­ර­ටත් සහාය දෙන බවට ලෝක බැංකු­වෙන් සහ­ති­ක­යක්

by damith
April 20, 2024 1:28 am 0 comment

මීට මාස කිහි­ප­ය­කට පෙර පැවති තත්ත්ව­යට සාපේ­ක්ෂව අද වන විට ආර්ථික සහ මූල්‍ය වශ­යෙන් වඩා යහ­පත් මට්ට­මක සිටින ශ්‍රී ලංකා­වට තව­දු­ර­ටත් සහ­යෝ­ගය දෙන බවට ලෝක බැංකුව සහ­තික වී තිබේ.

ලෝක බැංකුවේ අනු­ග්‍ර­හය සහිත ප්‍රති­සං­ස්ක­රණ ක්‍රමා­නු­කූ­ලව ක්‍රියා­ත්මක කිරීම පිළි­බඳ සහ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රග­තිය පිළි­බඳ ප්‍රශංසා කරන බවද මෑත කාලයේ මුහු­ණ­දුන් අභි­යෝග පසෙ­කලා ඉදි­රි­යට ගමන් කරන ශ්‍රී ලංකා ක්‍රියා­ත්මක කර තිබෙන ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ තුළ පූර්ණ සහාය දෙන බවද ලෝක බැංකුවේ දකුණු ආසි­යානු කලා­පයේ උප සභා­පති මාර්ටින් රයි­සර් මහතා අව­ධා­ර­ණය කරයි.

අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ වොෂිං­ටන් නග­ර­යේදී මේ දින­වල පැවැ­ත්වෙන IMF/WB වසර මැද සමු­ළු­වට සහ­භාගි වී සිටින මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේම­සිංහ මහතා සමඟ පැවැති විශේෂ සාක­ච්ඡා­ව­කදී ලෝක බැංකුවේ දකුණු ආසි­යානු කලා­පයේ උප සභා­ප­ති­ව­රයා මේ බව ප්‍රකාශ කර තිබේ.

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල, ලෝක බැංකුව සහ G20 රට­වල් විසින් මෙහෙ­ය­වන ගෝලීය ස්වෛරී ණය වට­මේස සාක­ච්ජා­වට මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේම­සිංහ මහතා සහ­භාගි වී තිබෙන අතර එම සාක­ච්ඡාව බෙහෙ­වින්ම සාර්ථක වූ බව මුදල් අමා­ත්‍යාං­ශය පව­සයි. මේ හමු­වේදී ණය ගැටලු ඉක්ම­නින් විස­ඳා­ගැ­නී­මට රට­ව­ලට සහාය වීම පිළි­බ­දව සාකච්ඡා කර තිබෙන අතර එය ණය­හි­මි­යන් සහ ණය­ගැති රට­වල පොදු ඉල්ලී­මක් වී තිබේ. මේ වට­මේස සාකච්ඡා අත­ර­තුර ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ ක්‍රිස්ට­ලිනා ජෝර්ජිවා මහ­ත්මිය හමු වීම­ටද මුදල් රාජ්‍ය ඇමැ­ති­ව­ර­යාට අව­ස්ථාව හිමි වී ඇත.

මේ අතර ලෝක බැංකුවේ දකුණු ආසියා කලා­පයේ උප සභා­පති මාර්ටින් රයි­සර් මහතා සමඟ හමු­වක්ද පවත්වා තිබෙන අතර, එහිදී මීට මාස කිහි­ප­ය­කට පෙර ශ්‍රී ලංකාව පැවති තත්ත්වය සිහි­පත් කළ අතර අද වන විට රට වඩාත් යහ­පත් තත්ත්ව­යක පව­තින බව රයි­සර් මහතා අව­ධා­ර­ණය කර තිබේ. ලෝක බැංකුවේ අනු­ග්‍ර­හය ඇති ප්‍රති­සං­ස්ක­රණ ක්‍රමා­නු­කූ­ලව ක්‍රියා­ත්මක කිරීම පිළි­බ­ඳව සහ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රග­තිය පිළි­බඳ ඔහු ප්‍රශං­සාව පළ කර තිබෙන අතර, ලෝක බැංකු මූල්‍ය­ක­ර­ණයේ මීළඟ වටය ලබා­ගැ­නීම සඳහා ඉදිරි ප්‍රති­සං­ස්ක­රණ පිළි­බ­ඳ­වද මෙහි දී සාකච්ඡා කර තිබේ. ලෝක බැංකුව, ශ්‍රී ලංකා­වට තව­දු­ර­ටත් අබණ්ඩ සහ­යෝ­ගය දෙන බව මාර්ටින් රයි­සර් මහතා සහ­තික වී ඇත.

ලෝක බැංකු සමූ­හයේ ප්‍රධාන පරි­පා­ලන නිල­ධාරි වෙන්කායි ෂැං මහතා සහ මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේම­සිංහ මහතා අතර හමු­වක්ද පවත්වා තිබෙන අතර චීනයේ එක්සිම් බැංකුවේ හිටපු උප සභා­පති ලෙස ඔහු ශ්‍රී ලංකා­වට දුන් සහ­යෝ­ග­යට මෙහිදී ශ්‍රී ලංකාව පාර්ශ්ව­යෙන් ස්තුතිය පළ කර ඇත. මෑත­කා­ලීන ආර්ථික වර්ධ­න­යන් සහ ශ්‍රී ලංකාවේ ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීමේ ක්‍රියා­ව­ලියේ ප්‍රග­තිය එහිදී සාකච්ජා කෙරිණි. ලෝක බැංකුවේ පූර්ණ සහ­යෝ­ගය ශ්‍රී ලංකා­වට දෙන බවද වෙන්කායි ෂැං මහතා වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇත.

මේ අතර එක්සත් ජන­පද භාණ්ඩා­ගා­රයේ නියෝජ්‍ය සහ­කාර ලේකම් රොබට් කප්‍රෝත් මහතා සහ මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේම­සිංහ මහතා අතර ද්විපා­ර්ශ්වික සාක­ච්ඡා­වක් පවත්වා තිබෙන අතර, ශ්‍රී ලංකාවේ මෑත­කා­ලීන ආර්ථික වර්ධ­න­යන්, ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීමේ ප්‍රග­තිය, බදු පරි­පා­ල­නය ශක්ති­මත් කිරීම සහ දැනට ක්‍රියා­ත්මක වන පාලන ප්‍රති­සං­ස්ක­රණ පිළි­බ­ඳව එහිදී සාකච්ජා කළ බවද අමෙ­රිකා එක්සත් ජන­ප­දය ශ්‍රී ලංකා­වට සෑම අතින්ම උප­රිම සහ­යෝ­ගය දෙන බවට එහිදී සහ­තික වී තිබෙන බවද මුදල් අමා­ත්‍යාං­ශය පව­සයි.

මහින්ද අලු­ත්ගෙ­දර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT