Home » වර­ද­කාර සුම­න­සේ­කර 24 දා දක්වා රිමාන්ඩ්
විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු ආචාර්ය අමරසිරි ඝාතනය

වර­ද­කාර සුම­න­සේ­කර 24 දා දක්වා රිමාන්ඩ්

by damith
April 20, 2024 1:29 am 0 comment
වර­ද­කරු හෝමා­ගම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට රැගෙන ආ අයුරු

තම බිරිය සමඟ ඇති කර­ගෙන තිබූ අනි­යම් ප්‍රේම සම්බ­න්ධ­යක් හේතු­වෙන් විදු­ලි­බල මණ්ඩ­ලයේ සේවය නිර­තව සිටි ඉංජි­නේ­රු­වකු වන ආචාර්ය වඩු­ආ­ර­ච්චිගේ අම­ර­සිරි නමැති අයකු අමා­නු­ෂික ලෙස ඝාත­නය කර ශරී­රය කොට­ස්ව­ලට කපා සඟවා තැබීම සම්බ­න්ධ­යෙන් මහා­ධි­ක­රණ මඟින් මරණ දඬු­වම නිය­මව බන්ධ­නා­ගා­ර­ගත නොවී වසර 34ක් සැඟව සිටි ප්‍රධාන සැක­කරු පූගොඩ මණ්ඩා­ව­ලදී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්තු­මේ­න්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවි­ධා­නා­ත්මක අප­රාධ විම­ර්ශන ඒක­කය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු ලබන 24 දින දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස හෝමා­ගම මහේ­ස්ත්‍රාත් රජීන්ද්‍රා ජය­සූ­රිය මහ­ත්මිය ඊයේ (19) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලද්දේ කොළ­ඹගේ සර­ත්චන්ද්‍ර සුම­න­සේ­කර නොහොත් නන්දන සුම­න­සේ­කර නමැති පුද්ග­ල­යෙකි. සැක­කරු මිය­ගිය පුද්ග­ල­ය­කුගේ උප්පැන්න සහ­ති­කය උප­යෝගි කර­ගෙන ජාතික හැඳු­නු­ම්ප­තක් ව්‍යාජව සකස් කර පාවිච්චි කර ඇතැ­යිද තහ­වුරු වූ බව පොලිස් නිල­ධා­රීහු අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්ව­මින් පැව­සූහ.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් මරණ දඬු­වම ලැබූ මේ ප්‍රධාන සැක­ක­රුගේ බිරි­යද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්තු­මේ­න්තුවේ නොවි­ස­ඳුණු අප­රාධ විම­ර්ශන ඒක­කය විසින් ඉකුත් පෙබ­ර­වා­රියේ බණ්ඩා­ර­ගම ප්‍රදේ­ශ­යේදී අත්අ­ඩං­ගු­වට ගෙන හෝමා­ගම මහා­ධි­ක­රණ වෙත ඉදි­රි­පත් කිරී­මෙන් පසු අභි­යා­ච­න­යක් ඉදි­රි­පත් කළ සැක­කා­රි­යක ලෙස බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට මහා­ධි­ක­රණ නියෝග කළේය.

මේ සැක­කරු එකල අතු­රු­ගි­රිය පොලිස් වසමේ පනා­ගොඩ ඇඹු­ල්ගම මාර්ගයේ වැලි­පි­ල්ලෑව ශ්‍රී සුමන මාවතේ නිවෙ­ස­කට මර­ණ­කරු ගෙන්වා­ගෙන බිරිය සමඟ එක් වී ඝාත­නය සිදු කර තිබිණි. අදාළ ඝාත­නය සම්බ­න්ධ­යෙන් සැක­ක­රු­වන් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් නොවීම හේතු­වෙන් විත්ති­ක­රු­වන් නැතිව මහා­ධි­ක­රණ මඟින් නඩුව විභා­ග­යට ගෙන, 2019 වර්ෂ­යේදී සැක­ක­රු­වන් දෙදෙ­නා­ටම මරණ දඬු­වම නියම කර තිබිණි. අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රුට ව්‍යාජ ජාතික හැඳු­නු­ම්පත සැක­සී­මට සහය දුන් පුද්ග­ල­යන් සොයා පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇත.

මීගොඩ බී.කේ. කත්‍රි­ආ­රච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT