Home » මහ­ජන විරෝ­ධය නොතකා වෙඩි බෙහෙත් ගබඩා ගම්මාන තුළ ඇති කිරීම අනු­මත කරන්න බෑ

මහ­ජන විරෝ­ධය නොතකා වෙඩි බෙහෙත් ගබඩා ගම්මාන තුළ ඇති කිරීම අනු­මත කරන්න බෑ

අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන

by damith
April 20, 2024 1:27 am 0 comment

මහ­ජ­න­තා­වගේ විරෝ­ධය නොතකා වෙඩි බෙහෙත් ගබඩා ගම්මාන තුළ ඇති කිරීම අනු­මත කළ නොහැකි බව අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා පැව­සීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ මෙතෙක් කල් පොලිස් ස්ථාන කීප­යක ගබඩා කර තිබූ ගල් කැණීම සඳහා භාවිත කරන වෙඩි බෙහෙත් හා පුපු­රන ද්‍රව්‍ය හංවැල්ල, දිද්දෙ­ණිය ගම්මා­නයේ ස්ථාපිත කිරීම සඳහා සීතා­වක සම්බ­න්ධී­ක­රණ කමි­ටු­වට ඉදි­රි­පත් කර තිබූ යෝජ­නාව අනු­මත කළ නොහැකි බව පව­ස­මිනි.

ජන­තාව ජීවත් වන ප්‍රදේශ තුළ පුපු­රන ද්‍රව්‍ය ගබඩා කිරී­මෙන් ජන­තාව තුළ අන­වශ්‍ය බියක් හා කැල­ඹී­මක් ඇති විය හැකි බැවින් එවැනි කට­යු­තු­ව­ලට දායක නොවිය යුතු බවද අග­මැ­ති­ව­රයා කීවේය.

එමෙන්ම අවි­ස්සා­වේල්ල නව නගර ජල යෝජනා ක්‍රමය කඩි­න­මින් ක්‍රියා­වට නංව­මින් නග­රයේ ජන­තා­වගේ පානීය ජල ගැට­ලු­වට විස­ඳුම් දිය යුතු බවද අග­මැ­ති­ව­රයා පැව­සීය. ජන­තාව ඉදි­රි­පත් කරන සාධා­රණ කරුණු පිළි­බඳ සව­න්දීමේ වග­කීම මහ­ජන නියෝ­ජි­ත­යන්ට හා රාජ්‍ය නිල­ධා­රීන්ට ඇති බවද අග­මැ­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

සීතා­වක ප්‍රාදේ­ශීය සභාවේ හිටපු සභා­පති ජයන්ත රෝහණ, ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ අවි­ස්සා­වේල්ල සංවි­ධා­යක නීතිඥ රවීන්ද්‍ර ජය­සිංහ මහ­ත්ව­රුන් ඇතුළු මහ­ජන නියෝ­ජි­තයෝ හා රාජ්‍ය නිල­ධා­රීහු මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

නුවන් කොඩි­කාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT