Home » සංචා­ර­ක­යන්ට වීසා නිකුත් කිරීම රට­වල් 145ක් සම්බ­න්ධී­ක­ර­ණයේ නියුතු ආය­ත­න­යක් මඟින්

සංචා­ර­ක­යන්ට වීසා නිකුත් කිරීම රට­වල් 145ක් සම්බ­න්ධී­ක­ර­ණයේ නියුතු ආය­ත­න­යක් මඟින්

මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් වියානි ගුණ­ති­ලක

by damith
April 20, 2024 1:26 am 0 comment

මෙර­ටට පැමි­ණෙන සංචා­ර­ක­යන් හට වීසා නිකුත් කිරීම රට­වල් 145ක වීසා නිකුත් කිරීමේ තාක්ෂ­ණික සම්බ­න්ධී­ක­රණ ආය­ත­න­යක් මඟින් සිදු කිරී­මට අපේක්ෂා කරන බව මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් වියානි ගුණ­ති­ලක මහතා පැව­සීය. මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශ­යේදී මාධ්‍ය හමු­වක් කැඳ­ව­මින් ඔහු මේ අද­හස් පළ කළේය.

සංචා­ර­ක­යන් මෙර­ටට ආක­ර්ෂ­ණය කර­ගැ­නීම හා සංචා­ර­ක­යන්ට වීසා ලබා­ගැ­නීමේ පහ­සුව තකා ජාත්‍ය­න්තර ආය­ත­න­යක් හා ගිවි­සු­ම්ගත වූ බවත්, මේ අනුව අදාළ සමා­ගමේ www.srilankaevisa.lk වෙබ් අඩ­විය මඟින් වීසා අය­දුම් කළ යුතු බවත් ලේක­ම්ව­රයා කීවේය.

මේ සමා­ගම රට­වල් 145ක වීසා අය­දුම් භාර ගැනීම හා වීසා නිකුත් කිරීමේ ක්‍රියා­ව­ලියේ නිරත ජාත්‍ය­න්තර ආය­ත­න­යක් බවත් එම ආය­ත­නය සෑම රට­කම මවු භාෂා­වෙන් අදාළ උප­දෙස් සහ ක්‍රම­වේ­ද­යන් දැනු­වත් කිරීම් සිදු කරන බවත් කී ලේක­ම්ව­රයා මේ සමා­ග­මට මේ කර්තව්‍ය වසර දහ­යක කාල­ය­කට ලබා දී ඇතැ­යිද කීවේය.

මේ ක්‍රම­වේ­ද­යට අනුව වීසා අය­දු­ම්පත් යොමු කළත් වීසා අනු­මත කිරීම, ලබා­දීම, ලබා දෙන කාණ්ඩය හා ගාස්තු අය කිරීමේ යන සියලු තීරණ ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුව මඟින් සිදු වන බවද හෙතෙම කීවේය.

සුභා­ෂිණී සේනා­නා­යක, රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT