Home » අලුත් අවු­රු­ද්දෙන් පසු දරු­වන් අතර පාච­නය පැති­රීමේ අව­දා­න­මක්

අලුත් අවු­රු­ද්දෙන් පසු දරු­වන් අතර පාච­නය පැති­රීමේ අව­දා­න­මක්

විශේ­ෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

by damith
April 20, 2024 1:25 am 0 comment

අලුත් අවු­රුදු කාල­යෙන් පසු කුඩා දරු­වන් අතර පාච­නය රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රව­ණ­තා­වක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දින­මි­ණට ඊයේ (19) පැව­සීය‍. උත්සව කාලයේ ගමන් බිමන් යෑමත් සමඟ මිනිස් පරි­භෝ­ජ­න­යට නුසු­දුසු ආහාර ගැනීම හේතු­වෙන් මෙලෙස පාච­නය රෝගය ව්‍යාප්ත වීමක් සිදුව ඇතැ­යිද ඒ මහතා කීවේය.

වම­නය, බඩ­එ­ළිය යෑම පාච­නයේ රෝග ලක්ෂණ වන අතර, මේ රෝග ලක්ෂණ තිබේ නම් සුදු­සු­කම් ලත් වෛද්‍ය­ව­ර­ය­කු­ගෙන් ප්‍රති­කාර ගත යුතු බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. පාච­නය රෝගය සඳහා විශේ­ෂ­යෙන්ම බැදි හාල් කැඳ ආහා­ර­යට දීම සුදුසු බවද ඒ මහතා පැව­සු­වේය.

පාච­නය රෝග­යට අම­ත­රව දරු­වන්ගේ හතිය ද ඉහළ ගොස් ඇති අතර ඉන්ෆ්ලු­වෙන්සා, වයි­රස් උණ රෝගද මේ දින­වල දරු­වන් අතර ව්‍යාප්තව ඇති බව හෙතෙම පැව­සීය. දරු­වන්ට මේ කුමන හෝ රෝග ලක්ෂ­ණ­යක් තිබේ නම් ඔවුන් නිවෙසේ තබා විවේ­කය දීමට මවු­පිය වැඩි­හි­ටි­යන් කට­යුතු කළ යුතු බවත්, ප්‍රති­කාර සඳහා දරු­වන් යොමු කළ යුතු බවත් ඒ මහතා වැඩි දුර­ටත් ප්‍රකාශ කළේය.

සන්ධ්‍යා කරු­ණා­රත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT