Home » බිත්තර-කුකුළු මස් නිපැ­යු­මින් රට සංතෘප්ත වෙලා

බිත්තර-කුකුළු මස් නිපැ­යු­මින් රට සංතෘප්ත වෙලා

by damith
April 20, 2024 1:24 am 0 comment

බිත්තර හා කුකුළු මස් නිෂ්පා­ද­නයේ රට සංතෘප්ත වී තිබෙන බවත්, ඉදි­රි­යේදී බිත්තර අප­න­ය­නය කිරීම සම්බ­න්ධ­යෙන් සලකා බල­මින් සිටින බවත් පශු සම්පත් සංව­ර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා පව­සයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ කෘෂි­කර්ම ඩිල්ලෝ­මා­ධා­රීන් 700 දෙන­කුට සහ­තික ප්‍රදා­නය කිරීම නිමි­ත්තෙන් කුණ්ඩ­සාලේ කෘෂි­කර්ම විද්‍යා­ල­යේදී ඊයේ (19) පැවති උත්ස­ව­ය­කින් අන­තු­රුව මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මිනි.

කොවිඩ් අර්බු­ද­යත් සමඟ මෙරට කුකුළු කර්මා­න්තය කඩා­වැ­ටී­මෙන් රටේ මස් හා බිත්තර අව­ශ්‍ය­තාව සපු­රා­ලිය නොහැකි තත්ත්ව­යත් ඇති වූ බවත්, ඒ අව­ස්ථාවේ වෙළෙඳ අමා­ත්‍යාං­ශය මැදි­හත්ව බිත්තර ආන­ය­නය කිරී­මට පිය­වර ගත් බවත් ඒ මහතා කීය.

කුකුළු ගොවි කර්මා­න්තය කඩා­වැටී තිබුණු අව­ස්ථාවේ කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය මැදි­හත්ව සත්ත්ව ආහාර ආන­ය­න­යේදී තීරු­බදු සහන සැල­සීම, ගොවීන්ට අව­ශ්‍යය මාර්ගෝ­ප­දේශ දීම වැනි ක්‍රියා­මාර්ග ගත් බවත්, ඒ ඔස්සේ මේ වන විට කර්මා­න්තය සැල­කිය යුතු ප්‍රග­ති­යක් අත් කර­ග­නි­මින් බිත්තර ආන­ය­නය කිරීමේ අව­ශ්‍ය­තා­වක් නැති තත්ත්ව­යක් දක්වා ගොඩ­නැඟී තිබෙන බවත් ඒ මහතා කීය. අප රටේ කුකුළු මස් මේ වන විටත් මැද­පෙ­ර­දිග රට­ව­ලට අප­න­ය­නය කරන බවත් බිත්ත­රද එලෙ­සින් අප­න­ය­නය කිරී­මට සැල­සුම් කරන බවත් හේරත් මහතා පැව­සීය.

අසේල කුරු­ළු­වංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT