Home » පන්ජාබ් ප්‍රාන්තයේ සමූහ ඝාත­නයක්

පන්ජාබ් ප්‍රාන්තයේ සමූහ ඝාත­නයක්

by damith
April 20, 2024 1:15 am 0 comment

පාකි­ස්තා­නයේ පන්ජාබ් ප්‍රාන්තයේ පුද්ග­ල­යකු පසු­ගි­යදා සිය බිරිය හා දරු­වන් 7 දෙනා ඝාත­නය කිරී­මට හේතුව විරැ­කි­යාව බව වාර්තා වේ. එම ඝාතන සිදු වූ පන්ජාබ් ප්‍රාන්තයේ අලි­පූර් දිස්ත්‍රි­ක්කයේ පොලි­සිය හමුවේ පාපො­ච්චා­ර­ණය කර­මින් සැක­කරු ඒ බව ප්‍රකාශ කර ඇතැයි ප්‍රාදේ­ශීය මාධ්‍ය වාර්තා උපුටා දක්ව­මින් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

පසු­ගිය රම­ලාන් මාස­යේදී සැක­කරු විසින් එම ඝාතන සිදු කර ඇත්තේ තණ­කොළ කපන යන්ත්‍ර­ය­කින් බවත්, පසුව ඔහු පොලි­සි­යට භාර වී ඇති බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ. මිය­ගිය දරු­වන් මාස 8 සිට අවු­රුදු 10 දක්වා වයස් කාණ්ඩයේ පසු වූ බවත් වාර්තා වේ.

විරැ­කි­යාව හේතු­වෙන් පාකි­ස්තා­නයේ ප්‍රාන්ත රැසක සිය දිවි හානි කර ගැනීම් සහ ඝාතන ඉහළ ගොස් ඇතැයි ද, ආර්ථික දුෂ්ක­රතා හේතු­වෙන් මේ තත්ත්වය උද්ග­තවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. එරට අවු­රුදු 20 සහ 30 අතර වයස් කාණ්ඩයේ පසුවන තරු­ණ­යන් වැඩි වශ­යෙන් සිය දිවි හානි කර ගැනී­මට උත්සාහ දරන බව පාකි­ස්තාන සංඛ්‍යා­ලේ­ඛන මඟින් හෙළි වී ඇති අතර, තරුණ කොටස් නීති­වි­රෝධී ක්‍රියා­කා­ර­කම් සඳහා පෙල­ඹීම ද විරැ­කි­යාවේ ප්‍රති­ඵ­ල­යක් බව වාර්තා වේ.

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල පසු­ගිය වස­රේදී පාකි­ස්තා­නයේ විරැ­කියා අනු­පා­තය 8.5%ක් බව ප්‍රකාශ කර තිබූ අතර, එය වසර 2022 ට වඩා 5.6% ක වර්ධ­න­යක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT