Home » පවුලේ යෝජ­නා­ව­කින් හඳු­නා­ගත් පෙම්වතා ලක්ෂ 10ක කප්පම් ඉල්ලලා

පවුලේ යෝජ­නා­ව­කින් හඳු­නා­ගත් පෙම්වතා ලක්ෂ 10ක කප්පම් ඉල්ලලා

by damith
April 20, 2024 1:15 am 0 comment
  • සල්ලි නැති­නම් ෆොටෝ සමාජ මාධ්‍ය­යට දාන බව­ටත් තග දාලා
  • සල්ලි වෙනු­වට ලක්ෂ 9ක රන් බඩු අරන්

තමන් සතුව ඇති ඡායා­රූප සමාජ මාධ්‍ය වෙත මුදා හරින බවට තම පෙම්ව­තිය බිය ගන්වා රුපි­යල් ලක්ෂ දහ­යක මුද­ලක් ඉල්ලා, ඇය සතුව මුදල් නොමැ­ති­කම හේතු­වෙන්, ලක්ෂ නව­යක් වටිනා ඇගේ රන් භාණ්ඩ ලබා­ගෙන වංචා කළ පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා විම­ර්ශ­න­යක් ආරම්භ කළ බව ගල්කි­රි­යා­ගම පොලි­සිය පව­සයි.

පැමි­ණි­ලි­කා­රිය සිය සැමි­යා­ගෙන් දික්ක­සාද වී ඇති කාන්තා­වක් වන අතර, පවුලේ යෝජ­නා­ව­කට අනුව අස­ල්වැසි ගමක පදිංචි, පෙර විවා­හ­යෙන් දික්ක­සාද වී විදේ­ශ­ග­තව සිටින තරු­ණ­යකු සමඟ ප්‍රේම සබ­ඳ­තා­ව­යක් පව­ත්වා­ගෙන ගොස් තිබිණ. පොලි­සිය පැව­සුවේ, එම පෙම්වතා විදේ­ශ­ග­තව සිට ලංකා­වට පැමිණ ටික කාල­යක් ගත වන විට ඔහුට පෙර විවා­හයේ දරු­වන් දෙදෙ­නකු සිටින බව දැන­ගෙන මෙම ප්‍රේම සබ­ඳ­තා­වය නවතා දැමී­මට තීර­ණය කර ඇති බවයි. ඊට අක­මැති වූ සැක­කාර පෙම්වතා, පැමි­ණි­ලි­කා­රිය වන තම පෙම්ව­ති­යට නිතර නිතර දුර­ක­ත­න­යෙන් කතා කර කර­දර කර­මින් තමන් සතුව තිබෙන ඇගේ ඡායා­රූප සමාජ මාධ්‍ය­යට මුදා හරින බවත්, මෙසේ නොකි­රී­මට නම් රුපි­යල් ලක්ෂ දහ­යක මුද­ලක් දෙන ලෙසත් ඉල්ලා තිබේ. ඒ අනුව මෙසේ තම පෙම්ව­තා­ගෙන් දිගින් දිග­ටම වන තර්ජන හමුවේ තමන් සතුව මුදල් නැති­කම හේතු­වෙන් තමාට අයත් රුපි­යල් අට­ලක්ෂ අනු­දා­හක් වටිනා රන්මාල තුනක් සහ රන්මු­දු­වක් ලබා දුන් බව ඇය සිදු කළ පැමි­ණිල්ලේ සඳ­හන් වේ.අන­තු­රුව සැක­කරු විසින් ඇයගේ වට්ස්ඇප් අංක කිහි­ප­ය­කට එවා තිබූ ඇයගේ ඡායා­රූප ද මකා දමා තිබූ බවත්, එහෙත් ඇය සතුව තමාගේ ඡායා­රූප තිබෙන නිසා, නීති­මය ක්‍රියා මාර්ග­යක් ගැනී­මට අවශ්‍ය බවත් පව­ස­මින් මෙම පැමි­ණිල්ල ඉදි­රි­පත් කර ඇතැයි පොලි­සිය සඳ­හන් කළේය.

අනු­රා­ධ­පුර - සංචා­රක සශිනි මධු­ෂානි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT