Home » හාමු­දු­රු­වන්ගේ ලක්ෂ එක­හ­මා­රක එළ වැස්සි­යන් උස්සා මස් කඩේට දක්කලා

හාමු­දු­රු­වන්ගේ ලක්ෂ එක­හ­මා­රක එළ වැස්සි­යන් උස්සා මස් කඩේට දක්කලා

by damith
April 20, 2024 1:14 am 0 comment
cow newsss

කොට­විල පොලිස් බල ප්‍රදේ­ශයේ කොට­විල හන්දිය අසල ඉඩ­මක බැඳ තිබූ රුපි­යල් එක්ලක්ෂ පනස් දහ­ස­කට වැඩි වටි­නා­ක­මක් ඇති එළ වැස්සි­යන් දෙදෙ­නකු පසු­ගිය 16 වැනි දින රාත්‍රී එකො­ළ­හත් 17 වැනිදා උදෑ­සන අටත් අතර සොරා­ගෙන ගොස් ඇති බව කඹු­රු­ග­මුව, කොට­විල පදිංචි විතා­නගේ කුමා­ර­සිරි (60) නමැත්තා කොට­විල පොලි­සි­යට පැමි­ණිලි කර ඇත.

එම පැමි­ණි­ල්ලට අනුව, කොට­විල පොලි­සියේ අප­රාධ අංශයේ නිල­ධා­රීන් දෙනි­පි­ටිය, මධු­රා­ගොඩ ප්‍රදේ­ශයේ පව­ත්වා­ගෙන යන බල­පත්‍ර සහිත ගව ඝාත­කා­ගා­ර­යක් පරීක්ෂා කිරී­මේදී, ගව­යන් බැඳී­මට භාවිත කරන කඹ දෙකක් හමුව තිබේ. එම කඹ දෙක 16 වැනි දින කොට­විල පන්ස­ලක හාමු­දු­රු­න­ම­කට අයත් තමා විසින් රැක බලා ගන්නා ලක්ෂ එක­හ­මා­රක් පමණ වටිනා වැස්සි­යන් බැඳ තිබූ කඹ බවට ඔහු හඳු­නා­ගෙන තිබේ. වැඩි­දු­ර­ටත් ප්‍රශ්න කිරී­මේදී ගව ඝාත­කා­ගා­රය හිමි­ක­රුගේ පුතකු වන (28) හැවි­රිදි මොහො­මඩ් නමැත්තා පවසා ඇත්තේ පෙර නොහ­ඳු­නන දෙදෙ­නකු තමාට එළ ගව­යන් දෙදෙ­නකු ගෙනැ­විත් දුන් බවයි. එම ගව­යන් දෙදෙනා රුපි­යල් අසූ­ද­හ­ස­කට මිල­දී­ගෙන, ඝාත­නය කර මස් ලෙස අලෙවි කළ බවද ඔහු සඳ­හන් කර තිබේ.

අත්අ­ඩං­ගු­වට ගත් එම සැක­කරු පෙරේදා (18) කොට­විල අධි­ක­ර­ණයේ මාතර මහේ­ස්ත්‍රාත් වෙත ඉදි­රි­පත් කළ අතර, සැක­කරු රුපි­යල් ලක්ෂ­යක ශරීර ඇප මත නිද­හස් කර ඇත. වැඩි­දුර විභා­ගය 2025 ජන­වාරි 23 වැනි­දාට කල් තැබීය.

මේ පිළි­බ­ඳව වැඩි­දු­ර­ටත් පරී­ක්ෂණ කට­යුතු කොට­විල පොලි­සියේ අප­රාධ අංශයේ වැඩ­බ­ලන ස්ථානා­ධි­පති අනුර හේවා­ප­ති­රණ මහතා ඇතුළු පිරි­සක් විසින් සිදු කරනු ලබයි.

තෙලි­ජ්ජ­විල සමූහ - වජිර පූජිත ගුණ­ව­ර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT