Home » මස් කඩේට විකු­ණන්න සොරා­ගත් ගැබ්බර එළ­දෙන පැටියකු බිහි කරලා

මස් කඩේට විකු­ණන්න සොරා­ගත් ගැබ්බර එළ­දෙන පැටියකු බිහි කරලා

පොලි­සියේ කැප­වී­මෙන් ජීවිත දෙකක් බේරෙයි: සැක­ක­රු­වෙක් දැලේ

by damith
April 20, 2024 1:01 am 0 comment

පොලිස් නිල­ධා­රීන්ගේ කාර්ය­ක්ෂ­ම­තාව හා දැඩි කැප­වීම මත කට­යුතු කිරී­මෙන් මර­ණය පෙනී පෙනී සිටි සොරා ගත් ගැබ්බර එළ ගව­යකු 18දා බේරා ගැනී­මෙන් පසු ඌ ඊයේ රාත්‍රියේ පිරිමි වසු පැට­වකු ප්‍රසූත කිරීම නිසා ජීවිත දෙකක් බේරා ගැනී­මට හැකි වූ පුව­තක් හොරණ මූල­ස්ථාන පොලි­සි­යෙන් වාර්තා වේ. හොරණ වග­වත්ත ප්‍රදේ­ශයේ පුද්ග­ල­යකු තම නිව­සට මීටර් සීයක් පමණ දුරින් ඇති සුසාන භූමි­යක ගැට ගසා සිටි දෙලක්ෂ පනස් දාහක් පමණ වටිනා මේ ගැබ්බර එළ ගවයා පුද්ග­ල­යන් දෙදෙ­නෙකු විසින් දහ­වල් කාල­යේදී සොරා­ගෙන ගොස් තිබිණි.

පැමි­ණි­ල්ලට අනුව මූල­ස්ථාන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක චින්තක පනා­වල මහ­තාගේ උප­දෙස් පරිදි වහාම ක්‍රියා­ත්මක වූ අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ලක්ෂ්මන් ද සිල්වා මහතා ඇතුළු නිල­ධා­රින් විසින් කළ විම­ර්ශ­නයේ දී එම ස්ථාන­යට මීටර් පන්සී­යක් පමණ දුරින් පර්ත් පැර­ඩ­යිස් වතු­යායේ මාවක් ඔය අසල කැලෑ­වක මේ ගවයා සඟවා ඇති බවට අනා­ව­ර­ණය කර­ගෙන තිබේ. පොලි­සිය එම ස්ථාන­යට ළඟා වන විටත් එක් සැක­ක­රු­වකු ගවයා මස් කඩ­යට රැගෙන යෑමට ලොරිය එන­තුරු බලා සිට ඇතැයි පොලි­සිය පව­සයි.පොලි­සිය තව මොහො­තක් හෝ පමා වූවා­නම් ගවයා ජීව ග්‍රහ­ණ­යෙන් සොයා ගැනී­මට නොහැකි වන බව පොලි­සිය පව­සයි. එක් සැක­ක­රු­වකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර ඔහු වග­වත්ත ප්‍රදේ­ශයේ පදිංචි 54 හැවි­රිදි පුද්ග­ල­යෙකි.

අලුත උපන් පැටවා පොලිස් නිල­ධා­රීන්ගේ ආදර සැල­කිලි ලබ­මින් සුවෙන් පසු­වෙන අතර පශු වෛද්‍ය නිල­ධා­රීන් කැඳවා අවශ්‍ය ප්‍රති­කාර ලබා­දී­ම­ටද කට­යුතු කළ බව පොලි­සිය පැව­සීය.

හල්තොට සමූහ -විනීතා මානෙල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT