Home » හම්බ­න්තොට මහ රෝහ­ලට අලු­තින් ආ නිර්වි­න්දන දොස්ත­රත් රට ගිහින්

හම්බ­න්තොට මහ රෝහ­ලට අලු­තින් ආ නිර්වි­න්දන දොස්ත­රත් රට ගිහින්

අනෙක් දොස්ත­ර­ලාට රට ගිය බවට SMS එවලා

by damith
April 20, 2024 1:00 am 0 comment

හම්බ­න්තොට මහ රෝහලේ සේවයේ නියු­තුව සිටි නිර්වි­න්දන විශේ­ෂඥ වෛද්‍ය­ව­රයා පෙරේදා (18) සිට රෝහල් බල­ධා­රීන්ට නොදන්වා විදෙ­ස්ග­තව ඇති බව වාර්තා වේ.

මීට පෙර අවස්ථා දෙක­ක­දීම හම්බ­න්තොට මහ රෝහලේ සේවයේ නියුතු නිර්වි­න්දන විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් දෙදෙ­නෙක් මෙලෙස රෝහල් බල­ධා­රීන්ට නොදන්වා විදෙස් ගතව තිබූ අතර, ඒ සෑම අව­ස්ථා­ව­ක­දීම වෛද්‍ය­ව­රයා විදෙ­ස්ගත වී රෝහලේ සෙසු වෛද්‍ය­ව­රුන්ට කෙටි පණි­විඩ මඟින් ඒ බව දැනුම් දීමෙන් විදෙ­ස්ග­තව ඇති බව දැන­ගැ­නී­මට හැකිව තිබිණ. ඒ අනුව දැනට සේවයේ නියු­තුව සිටි නිර්වි­න්දන විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් දෙදෙනා අත­රින් එක් වෛද්‍ය­ව­ර­යකු ද බල­ධා­රීන්ට නොදන්වා මෙසේ පෙරේදා (18) සිට විදෙ­ස්ග­තව ඇති බව රෝහලේ සෙසු වෛද්‍ය­ව­රුන්ට කෙටි පණි­විඩ මඟින් දැනුම් දී ඇත.

මේ සම්බ­න්ධ­යෙන් හම්බ­න්තොට මහ රෝහලේ නව අධ්‍යක්ෂ වෛද්‍ය අයන්ති ජය­ව­ර්ධන මහ­ත්මි­ය­ගෙන් කළ විම­සී­ම­කදී ඇය සඳ­හන් කර සිටියේ නිර්වි­න්දන විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් දෙදෙනා අත­රින් මෑත කා‍ලයේ මහ රෝහලේ සේව­යට පැමිණි වෛද්‍ය­ව­රයා මෙසේ විදෙස් ගතව ඇති බව දැන­ග­න්නට ලැබී ඇති බවයි. මේ සම්බ­න්ධ­යෙන් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යට දන්වා යවා ඇති අතර, දැනට සිටින තනි වෛද්‍ය­ව­ර­යා­ගෙන් සේවා කට­යුතු අසී­රුවේ හෝ සිදු කර­ගෙන යන බව ද රෝහල් අධ්‍ය­ක්ෂ­ව­රිය සඳ­හන් කළාය.

ලුණම සමූහ - සනත් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT