Home » මාලි­ගා­කන්ද උසා­වි­යේදි කුඩ්ඩා පැන ගියාට සැර­යන්ගේ සහ කොස්තා­පල්ගේ වැඩ තහ­නම්

මාලි­ගා­කන්ද උසා­වි­යේදි කුඩ්ඩා පැන ගියාට සැර­යන්ගේ සහ කොස්තා­පල්ගේ වැඩ තහ­නම්

by damith
April 20, 2024 1:00 am 0 comment

අයිස් මත්ද්‍රව්‍ය තොග­යක් සමඟ අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ සැක­ක­රු­වෙකු මාලි­ගා­කන්ද අධි­ක­රණ භූමියේ දී අත්අ­ඩං­ගු­වෙන් මිදී පලා යාමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් පොලිස් සැර­ය­න්ව­ර­ය­කුගේ සහ කොස්තා­ප­ල්ව­ර­ය­කුගේ වැඩ තහ­න­මට ලක් කර ඇති බව පොලිස් මූල­ස්ථා­නය කියයි.

එලෙස වැඩ තහ­න­මට ලක්කර ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් පොලි­සි­යට අනු­යුක්ත දිවා ජංගම සංචා­රයේ යෙදී සිටි පොලිස් සැර­ය­න්ව­ර­ය­කුගේ සහ කොස්තා­ප­ල්ව­ර­ය­කු­ගේය. මෙලෙස පලා ගොස් ඇත්තේ අවි­ස්සා­වේල්ල ඔරු­ගො­ඩ­වත්ත ප්‍රදේ­ශයේ පදිංචි 47 හැවි­රිදි සැක­ක­රු­වෙකි.

ඉකුත් 16 වෙනි දින පොලිස් විශේෂ කාර්ය බළ­කායේ සහ­කාර පොලිස් අධි­කාරි සාගර කුල­සේ­කර මහ­තාගේ කණ්ඩා­යමේ පොලිස් පරී­ක්ෂක එස්.කේ. කග්ගොඩ ආරච්චි මහතා ඇතුළු නිල­ධාරී කණ්ඩා­ය­මක් ග්‍රෑන්ඩ්පාස් චොක්ක­ලා­වත්ත කෝවි­ලක් අසල දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 මිලි­ග්‍රෑම් 690ක් සමඟ සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණි.

එම සැක­කරු හා අනෙ­කුත් සැක­ක­රු­වන් දිවා ජංගම සංචා­රයේ යෙදී සිටි පොලිස් සැර­ය­න්ව­රයා සහ කොස්තා­ප­ල්ව­රයා විසින් මාලි­ගා­කන්ද අධි­ක­ර­ණය වෙත රැගෙන යන අව­ස්ථාවේ දී නිල­ධා­රී­න්ගෙන් මිදී පලා ගොස් තිබිණි.

එම සිදු­වී­මට අදා­ළව කොළඹ උතුරු කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී පී.එම්.ආර්. අබේ­පි­ටිය මහතා විසින් පෙරේදා 18 වෙනි දින සිට බල­පැ­වැ­ත්වෙන පරිදි එම පොලිස් නිල­ධා­රීන් දෙදෙ­නාගේ රාජ­කාරි වැඩ තහ­න­මට ලක්කර ඇත. ග්‍රෑන්ඩ්පාස් පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි.

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT