Home » තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ නම භාවිත කර­මින් ජන­තාව නොමඟ යවන ව්‍යාපා­ර­යක් ගැන තොර­තුරු හෙළි වෙයි

තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ නම භාවිත කර­මින් ජන­තාව නොමඟ යවන ව්‍යාපා­ර­යක් ගැන තොර­තුරු හෙළි වෙයි

ව්‍යාජ ජංගම දුර­ක­තන අංක­ව­ලට රැව­ටෙන්න එපා තැපැ­ල්පති අව­ධා­ර­ණය කරයි

by damith
April 20, 2024 1:00 am 0 comment

දේශීය හෝ විදේ­ශීය පාර්සල් ලැබී­මක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS පණි­වු­ඩ­යක් ගනු­දෙ­නු­ක­රු­වන් වෙත යැවී­මක් සිදු කර නොමැති බව තැපැ­ල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී. සත්කු­මාර මහතා අව­ධා­ර­ණය කරයි.

වංච­නි­කව සකස් කළ වෙබ් අඩ­වි­යක් සහ උප­ක්‍ර­මි­කව සකස් කර­ගත් ව්‍යාජ ජංගම දුර­ක­තන අංක යොදා ගනි­මින් මහ­ජ­න­තාව රව­ටන වංචා­වක් පිළි­බඳ තොර­තුරු අනා­ව­ර­ණය වී ඇති බව ඒ සම්බ­න්ධ­යෙන් නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ඒ මහතා සඳ­හන් කර සිටියි.

මහ­ජ­න­තාව වෙත ලැබෙන කෙටි පණි­වු­ඩ­යක් සඳහා සිය ණය කාඩ්පත් දත්ත වෙබ් අඩ­වි­ය­කට හෝ කෙටි පණි­වු­ඩ­යක් මඟින් හෝ වෙනත් කිසිදු ආකා­ර­ය­කින් ලබා­දීම සිදු­නො­ක­රන ලෙස ද තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටින අතර තැපැල් දෙපා­ර්ත­මේන්තු උප­කා­රක සේවාව – 1950 හෝ තොර­තුරු තාක්ෂණ අංශය – 0112 542104 / 0112 334728 / 0112 335978 / 0112 687229 / 0112 330072 අමතා තොර­තුරු දැන­ගන්නා ලෙසද ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා තැපෑල, ශ්‍රී ලංකා තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව, SL POST, Sri Lanka Post ආදි නම් භාවිත කර­මින් ශ්‍රී ලංකා තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ නිල වෙබ් අඩ­විය ද උප­ක්‍ර­මි­කව අව­භා­විත කර­මින් මෙම ජාවා­රම ක්‍රියා­ත්මක වන බව කියා සිටින තැපැ­ල්ප­ති­ව­රයා ශ්‍රී ලංකා තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ කෙටි පණි­වුඩ මඟින් කාඩ්පත් තොර­තුරු විම­සී­මක් කිසි­සේත් සිදු නොක­රන අතර ණය කාඩ්පත් මඟින් පාර්සල් සම්බන්ධ කිසිදු ගනු­දෙ­නු­වක් සිදු නොක­රන බවද කියා සිටි­යේය.

සුභා­ෂිණී සේනා­නා­යක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT