Home » පාසල් සිසුවා දියවළට බිලි

පාසල් සිසුවා දියවළට බිලි

by damith
April 20, 2024 1:02 am 0 comment

ලුණු­ගල, හොප්ටන් ප්‍රදේ­ශයේ දිය වළක දිය නෑමට ගිය පාසල් සිසු­වකු දියේ ගිලී­මෙන් පෙරේදා (18) මිය ගොස් ඇත.

මෙලෙස ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇත්තේ පැරණි කර්මා­න්ත­ශාලා කොටස, 19 කණුව, හොප්ටන් යන ලිපි­නයේ පදිං­චිව සිටි හොප්ටන් විග්නේ­ෂ්ව­රන් විද්‍යා­ලයේ ඉගෙ­නුම ලබන කිරු­පා­ක­ර­සන් විනෝ­ජන් නමැති 16 හැවි­රිදි සිසු­වකු බවද පොලි­සිය පැව­සීය.

මෙම සිසුවා ඔහුගේ මිතු­රන් පිරි­සක් සමඟ නිව­සට කිලෝ­මී­ට­ර­යක් පමණ දුරින් පිහිටා ඇති මෙම දිය වළේ දිය නෑමට ගොස් දියට පැනී­මේදී මෙම අන­තු­රට ලක්ව ඇති බවත් ඉන් පසුව ප්‍රදේ­ශ­වා­සින් එක්ව ඔහු ගොඩට ගෙන හොප්ටන් මූලික රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව මිය­ගිය බවට මූලික විම­ර්ශ­න­ව­ලදී කරුණු අනා­ව­ර­ණය වී ඇතැ­යිද පොලි­සිය පව­සයි.

බදුල්ල - නිශාන්ත අබේ­ගු­ණ­ව­ර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT