Home » මේ සති අන්තයේ මන්නා­රම නගර සභා ක්‍රීඩාං­ග­ණයේ ‘ජය­ ගමු ශ්‍රී ලංකා’ වැඩ­ස­ට­හ­නට එන්න
ජපා­නයේ රැකි­යා­ව­කට යන්න කදිම අව­ස්ථා­වක්:

මේ සති අන්තයේ මන්නා­රම නගර සභා ක්‍රීඩාං­ග­ණයේ ‘ජය­ ගමු ශ්‍රී ලංකා’ වැඩ­ස­ට­හ­නට එන්න

ඇමැති මනූ­ෂ­ගෙන් ආරා­ධ­න­යක්

by damith
April 20, 2024 1:03 am 0 comment

සකුරා මල් පිපෙන ජපා­නය, ශ්‍රී ලංකාවේ බොහෝ දෙන­කුගේ සිහින රාජ්‍යය බවට පත්වී ඇත. ඒ අනුව ජපා­නයේ ඉහළ වැටු­පක් ලැබී­මට අව­කා­ශය සලසා දෙන SSW ( Specified Skilled Worker) Visa ව්‍යාපෘ­තිය මඟින් ජපන් සිහින සැබෑ කර ගැනී­මට වෙර දරන ඔබට කදිම අව­ස්ථා­වක් උදාවී ඇත. ඒ සඳහා ඔබ කළ යුත්තේ මේ මස 20 සහ 21 දෙදින මන්නා­රම නගර සභා ක්‍රීඩාං­ග­ණයේ පැවැ­ත්වෙන “ජය­ගමු ශ්‍රී ලංකා” වැඩ­ස­ට­හ­නට පැමි­ණීම බව විදේශ රැකියා සහ කම්කරු ඇමැති මනූෂ නානා­ය­ක්කාර මහතා පව­සයි.

නීත්‍ය­නු­කූල ක්‍රම­වේද කිහි­ප­යක් හරහා ජපන් සිහි­නය සැබෑ කර ගැනී­මට අව­ස්ථාව උදා­කර දී ඇති අතර, එහිදී ශ්‍රී ලාංකි­ක­යන්ට සුවි­ශේෂ වීසා පද­න­මක් යටතේ ජපා­නයේ රැකියා අව­ස්ථා­වන්ට ප්‍රවේශ වීමට අව­ස්ථාව දී තිබේ. SSW (Specified Skilled Worker) Visa ව්‍යාපෘ­තිය මඟින් දැන් ඔබ­ටත් ජපා­නයේ රැකියා සඳහා ඉල්ලුම් කිරීමේ හැකි­යාව පවතී.

ශ්‍රී ලංකාව හා ජපා­නය අතර සිදු කරන ඒකා­බද්ධ පරී­ක්ෂ­ණ­යක් මඟින් කුස­ලතා සහ ජපන් භාෂා ප්‍රවී­ණ­තාව තහ­වුරු කෙරේ. එම පරී­ක්‍ෂ­ණය සමත් වන්නන් සඳහා වසර පහක (5) කාල­යක් ජපා­නයේ රැකි­යාවේ නිරත වීමේ අව­ස්ථාව උදා­කර දී ඇත. SSW වැඩ­ස­ට­හන යටතේ ජපා­නය විසින් රැකියා ක්ෂේත්‍ර 14ක් ප්‍රකා­ශ­යට පත් කර ඇති අතර, ඒ අත­රින් දැනට ක්ෂේත්‍ර 6ක් සඳහා ශ්‍රී ලංකා­වට අනු­මැ­තිය ලබා දී ඇත.

හෙද සාත්තු සේවාව (Nursing Caregiving ), ආහාර සේවා කර්මා­න්තය (Food Service industry), කෘෂි­ක­ර්මා­න්තය (Agriculture), ඉදි­කි­රීම් අංශය (Construction), ගොඩ­නැ­ඟිලි පිරි­සුදු කිරීම (Building Cleaning), ගුවන් ක්ෂේත්‍රය (Aviation Firld) පව­තින අතර මේ අත­රින් දැනට හෙද සාත්තු සේවාව, ආහාර සේවා කර්මා­න්තය, කෘෂි­ක­ර්මා­න්තය හා ගුවන් ක්ෂේත්‍ර සඳහා කුස­ලතා පරී­ක්ෂණ දැනට ශ්‍රී ලංකාවේ පව­ත්වයි. තවද රාජ්‍ය අංශය මඟින් සම්මුඛ පරී­ක්ෂණ පවත්වා මේ අංශ සඳහා ජපා­නය වෙත පිටත් කර යැවීම සිදු කරයි. ජපා­නයේ රැකි­යා­ව­කට යොමු­වීම සඳහා ප්‍රධාන වශ­යෙන් අවශ්‍ය වන මූලික සුදු­සු­කම් වන්නේ වයස අවු­රුදු 18ත් 45ත් අතර ශ්‍රී ලාංකික පුර­වැ­සි­යකු වීමයි.

ජපන් භාෂා ප්‍රවී­ණ­තා­වය ලබා තිබීම. මේ සඳහා ජපන් භාෂා ප්‍රවී­ණ­තා­වය තහ­වුරු කිරීම සඳහා ජපන් රජ­යෙන් පව­ත්වනු ලබන විභා­ගය JFT (Japanese Foundation Test ) හෝ JLPT N 4 ( Japanese Language Proficiency Test) ජපන් භාෂා ප්‍රවී­ණතා මට්ටම සමත් වී තිබිය යුතුය.

මීට අම­ත­රව තෝරා­ගත් රැකියා ක්ෂේත්‍ර­යට අදා­ළව පව­ත්වනු ලබන කුස­ලතා පරී­ක්ෂ­ණය සමත් වී තිබිය යුතුය. මෙහිදී හෙද සාත්තු සේවය සඳහා කුස­ලතා පරී­ක්‍ෂණ දෙකක් සමත් විය යුතුව ඇත. හෙද සාත්තු සේවය පිළි­බඳ තාක්ෂ­ණික දැනුම සඳහා කුස­ලතා පරී­ක්‍ෂ­ණය Skill Evaluation Test ඉංග්‍රීසි භාෂා­වෙන් හෝ ජපන් භාෂා­වෙන් පෙනී සිටිය හැකිය. මීට අම­ත­රව හෙද තාක්ෂ­ණය පිළි­බ­ඳව ජපන් භාෂා දැනුම පරීක්ෂා කිරීමේ පරී­ක්ෂ­ණය Japanese Language Evaluation Test සඳ­හාද පෙනී සිටිය යුතුය. ඉහත මූලික පරී­ක්ෂ­ණ­යන්ට අම­ත­රව පහත සඳ­හන් සුදු­සු­කම් ද සපුරා තිබිය යුතුය. හොඳ සෞඛ්‍ය තත්ත්ව­ය­කින් යුක්ත වීම, ශරී­රයේ ටැටූ (Tattoo) නොමැති වීම.

සුභා­ෂිණී සේනා­නා­යක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT