Home » මඩො­ල්සි­ම බසය රත්නපුරේදී අන­තුරේ

මඩො­ල්සි­ම බසය රත්නපුරේදී අන­තුරේ

by damith
April 20, 2024 1:03 am 0 comment

කොළඹ සිට බදුල්ල හරහා මඩො­ල්සිම බලා ධාව­නය වෙමින් තිබූ බස්ර­ථ­යක් පසු­ගි­යදා (17) රාත්‍රි රත්න­පුර ප්‍රදේ­ශයේ දී මාර්ග­යෙන් ඉව­තට පැන ගසක ගැටී නතර වී තිබුණේ මෙසේය.

මෙම අන­තු­රින් බස්ර­ථ­යට අලා­භ­හානි වූ අතර, මගීන් කිසි­වෙ­කුට හෝ අන­තු­රක් සිදු නොවූ බව පොලි­සිය පැව­සීය.

මාර්ග­යෙන් ඉව­තට පැන ගිය ශ්‍රී ලංගම බස්‍ ­ර­ථය ගසක ගැටී නොනැ­ව­තුණේ නම් අසල තිබූ නි‍ෙව­සට පෙරැ­ළී­ගොස් විශාල අන­තු­රක් සිදු වීමට ඉඩ­කඩ තිබි­ණැයි පොලි­සිය සඳ­හන් කළේය.

කොළඹ මධ්‍යම බස්රථ නැව­තු­ම්පොළේ සිට රාත්‍රි 7.45ට බදුල්ල හරහා මඩො­ල්සිම බලා මෙම ලංගම බස්‍ ­ර­ථය ධාව­නය වෙමින් තිබි­යදී මෙසේ පැවති වර්ෂා­වත් සමඟ ලිස්සා ගොස් අන­තු­රට පත්ව ඇති බවත් පොලි­සිය පව­සයි.

රත්න­පුර පොලි­සිය වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.

සී. ගමගේ - සොර­ණා­තොට සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT