Home » පිරිමි දරු­ව­කුට අත­වර කරන්න හැදු­වැයි පහර කෑ සීයා මරුට

පිරිමි දරු­ව­කුට අත­වර කරන්න හැදු­වැයි පහර කෑ සීයා මරුට

by damith
April 20, 2024 1:03 am 0 comment

බාල­ව­ය­ස්කාර පිරිමි දරු­ව­කුට ලිංගික අත­වර සිදු කිරී­මට තැත්කළ බව කියන 73 හැවි­රිදි පුද්ග­ල­ය­කුට කිතුල් පොලු­ව­ලින් පහ­රදී ඝාත­නය කර ඇතැයි දොඩං­ගොඩ පොලි­සිය කියයි.

මෙලෙස ඝාත­න­යවී ඇත්තේ බෝම්බු­වල, කොස්හේන පදිං­චිව සිටි කම්කරු රැකි­යාවේ නියුතු බී.ඩී. ආරි­ය­පාල නමැ­ත්තෙකි.

ඉකුත් 16 වැනි දින මෙම සිද්ධිය සිදුවී ඇති අතර දින දෙක­කට පමණ පසු එම පුද්ග­ලයා මිය­ගොස් ඇතැයි පොලි­සිය කියයි.

ඝාත­නය සම්බ­න්ධ­යෙන් පිරිමි දරු­වාගේ පියා ඇතුළු තිදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට විම­ර්ශන පව­ත්වන බව පොලි­සිය කියයි.

දොඩං­ගොඩ පොලි­සියේ වැඩ­බ­ලන ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක කේ.එම්.එන්.ආර්. බණ්ඩාර මහ­තාගේ උප­දෙස් මත විම­ර්ශන සිදු කෙරේ.

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT