Home » කන්ද­කාඩු ගොවි­පොළේ ඉඩ­ම්වල බඩ­ඉ­රිඟු වගා කිරීම කඩි­න­මින්

කන්ද­කාඩු ගොවි­පොළේ ඉඩ­ම්වල බඩ­ඉ­රිඟු වගා කිරීම කඩි­න­මින්

ඇමැති මහින්ද අම­ර­වීර

by damith
April 20, 2024 1:03 am 0 comment

පොලො­න්න­රුව කන්ද­කාඩු ගොවි­පොළේ ඉඩම් උප­යෝගි කර ගනි­මින් බඩ­ඉ­රිඟු වගාව වහාම ආරම්භ කරන බව කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අම­ර­වීර මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැව­සුවේ පසු­ගි­යදා (17) කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශ­යේදී පැවැති සාක­ච්ඡා­වට එක් වෙමිනි. එහිදී අද­හස් දැක්වූ කෘෂි­කර්ම ඇමැති මහින්ද අම­ර­වීර මහතා මෙසේ ද පැව­සීය.

පැවැති සියලු ගැටලු දැන් අව­සා­නයි. පාරි­ස­රික ඇග­යුම් වාර්තාව දී ඇති උප­දෙස් අනුව වගා කට­යුතු ආරම්භ කරන්න පිය­වර ගත යුතුයි. මේ බඩ­ඉ­රිඟු වගාවේ අස්වැන්න අපි යොදා ගන්නේ සත්ත්ව ආහාර සඳ­හායි. පසු­ගිය කාලයේ කිරි, බිත්තර හා කුකුළු මස් මිල ඉහළ යෑමට එක් හේතු­වක් වූයේ සත්ත්ව ආහාර හිඟ­කම හා මිල ඉහළ යෑමයි. නමුත් අපට අවශ්‍ය බඩ­ඉ­රිඟු ප්‍රමා­ණය අපිම වගා කර ගත්තොත් ගැට­ලු­වක් නැහැ. ඒ නිසා ප්‍රමා­ද­ය­කින් තොරව යල කන්නයේ බඩ­ඉ­රිඟු වගාව ආරම්භ කර­න්නැයි ද ඇමැ­ති­ව­රයා පැව­සීය.

ජාතික පශු සම්පත් සංව­ර්ධන මණ්ඩ­ල­යට අයත් පොලො­න්න­රුව කන්ද­කාඩු ගොවි­පොළේ ඉඩම් උප­යෝගි කර ගනි­මින් සත්ත්ව ආහාර සඳහා බඩ­ඉ­රිඟු වගා කිරීමේ ව්‍යාපෘ­ති­යක් කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමා­ත්‍යාං­ශය විසින් ක්‍රියා­ත්මක කරයි. ජාතික පශු සම්පත් සංව­ර්ධන මණ්ඩ­ල­යට අයත් පොලො­න්න­රුව කන්ද­කාඩු ගොවි­පොළේ වගා කට­යුතු ඇර­ඹී­මට පරි­සර ඇග­යුම් වාර්තාවේ අනු­මැ­තිය ලැබුණු අතර, මේ සඳහා පරි­සර ඇග­යීම් වාර්තාව ලබා­දී­මට මෙන්ම දැනට එම ගොවි­පො­ළට අයත් කොට­සක අලි­මං­ක­ඩක් පව­තින නිසාත්, ඇතැම් ස්ථාන­වල පුරා­වි­ද්‍යා­ත්මක වටි­නා­කම් සහිත ස්ථාන පව­තින නිසාත් බඩ­ඉ­රිඟු වගා කිරීම සම්බ­න්ධව ගැටලු කිහි­ප­යක් පැන නැඟී තිබිණි.

ඉඩම්, මහ­වැලි, අමා­ත්‍යාං­ශ­වල නිල­ධා­රීන් මෙන්ම ජාතික පශු සම්පත් සංව­ර්ධන මණ්ඩ­ලයේ නිල­ධා­රීන් සහ කන්ද­කාඩු ගොවි­පොළේ බඩ­ඉ­රිඟු වගාව සඳහා ඉදි­රි­පත්ව සිටින ගොවි ජන­තා­වද මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

නෙත්මි පූජනී රත්නා­යක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT