Home » කැට ගහද්දී පොලි­සි­යෙන් පැන්න විට දිවූ තරු­ණයා ගල්ව­ළට වැටී මරුට

කැට ගහද්දී පොලි­සි­යෙන් පැන්න විට දිවූ තරු­ණයා ගල්ව­ළට වැටී මරුට

by damith
April 20, 2024 1:03 am 0 comment

කොට්ටාව රුක්මලේ ප්‍රදේ­ශ­යේදී පිරි­සක් මුදල් ඔට්ටු­වට කැට සෙල්ලම් කර­මින් සිටි එම ස්ථාන­යට පොලි­සිය කඩා­පැ­නීම නිසා කල­බල වී දිව­ගිය පුද්ග­ල­යකු ජලය පිරි ගල්ව­ළ­කට වැටී මිය­ගොස් ඇති අතර, එලෙස මිය ගිය පුද්ග­ල­යාගේ සිරුර අද (19) දහ­වල් සොයා­ගැ­නී­මට හැකි වූ බව හෝමා­ගම මූල­ස්ථාන පොලි­සිය පව­සයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ හෝමා­ගම නගර සීමා මාවත ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු වන කුරුප්පු ආර­ච්චිගේ චමින්ද පුෂ්ප කුමාර නමැති 42 හැවි­රිදි කුලී වැඩ­වල නිර­තව සිටි දෙදරු පියෙකි.

ඔහු ඇතුළු පිරි­සක් මුදල් ඔට්ටු­වට කැට සෙල්ලමේ යෙදී සිටි­යදී මෙලෙස එක්ව­රම පොලි­සිය එම ස්ථාන­යට පැමි­ණී­මත් සමඟ මිය ගිය පුද්ග­ලයා සහ තවත් තිදෙ­නකු දිව ගොස් ජලය පිරී තිබූ ගල්ව­ළෙහි අඩි 30ක පමණ උඩ සිට ගල්ව­ළට පැන තිබූ බවත් ඒ අතු­රින් තිදෙ­නකු පිහිනා ගල්ව­ළින් ගොඩ වී නිවෙස් වෙත ගොස් ඇතත් එක් අයකු නිවෙ­සට ගොස් නොතිබූ බවත් පොලි­සිය පව­සයි. ඒ අනුව ප්‍රදේ­ශ­වා­සීන් එක්ව ගල්ව­ළෙහි පිරී තිබූ ජලය පොම්ප­යක් ආධා­ර­යෙන් ඉවත් කිරී­මේදී මිය ගිය පුද්ග­ල­යාගේ දේහය ගල්වළේ සිර වී තිබෙනු දැක පොලි­සිය දැනු­වත් කර තිබූ බවත්, ඒ අනුව හෝමා­ගම මූල­ස්ථාන පොලි­සියේ නිල­ධා­රීන් පිරි­සක් ගොස් විම­ර්ශන කට­යුතු ආරම්භ කළ බවත් පොලි­සිය පව­සයි. මේ අතර මිතු­රන් කිහිප දෙනකු ඒ අවට සොයා බැලී­මේදී ජලය පිරී තිබූ ගල්ව­ළෙහි ජලය මත පාව­හන් යුග­ලක් සහ මුදල් කොළ කිහි­ප­යක් පා වෙමින් තිබෙනු දැක ගල්ව­ළෙහි මෝට­ර­යක් ගෙන වළෙහි පිරී තිබූ ජලය ඉවත් කිරී­මේදී වළෙහි ගැඹු­රෙහි සිරවී තිබූ පුද්ග­ල­යාගේ හිස මතුවී ඇති බව පොලි­සිය පව­සයි.

ඒ අනුව සිද්ධිය සම්බ­න්ධ­යෙන් 119 හදිසි ඇම­තුම් අංක­යට කළ දැනුම් දීම­කට අනුව පොලි­සියේ නිල­ධාරී කණ්ඩා­ය­මක් එම ස්ථාන­යට පැමිණ පරී­ක්ෂණ ආරම්භ කොට හෝමා­ගම වැඩ­බ­ලන මහේ­ස්ත්‍රා­ත්ව­රයා එම ස්ථාන­යට කැඳවා මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණ­යක් සිදු කොට පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සඳහා දේහය හෝමා­ගම මූලික රෝහ­ලට රැගෙන ගිය බව පොලි­සිය පව­සයි.

මිය­ගිය පුද්ග­ල­යාගේ හිසට බර­ප­තළ තුවාල සිදුව ඇති අතර දේහය පිළි­බඳ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය හෝමා­ගම මූලික රෝහලේ දී ඊයේ (19) සිදු කිරී­මට නිය­මි­තව තිබිණි. සිද්ධිය සම්බ­න්ධ­යෙන් හෝමා­ගම වැඩ­බ­ලන මූල­ස්ථාන පොලිස් පරී­ක්ෂක කාරි­ය­ව­සම් මහ­තාගේ උප­දෙස් මත අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති (උ.පො.ප) වික්‍ර­ම­සිංහ මහතා ඇතුළු නිල­ධා­රීහු පරී­ක්ෂණ පව­ත්වති.

එම ස්ථාන­යට පැමිණි නුගේ­ගොඩ පොලිස් කොට්ඨා­සයේ අප­රාධ ස්ථාන පරී­ක්ෂණ නිල­ධා­රීන් විසින් මූලික පරී­ක්ෂණ කට­යුතු සිදු කිරී­මෙන් පසු දේහය ඥාතීන් වෙත භාර දීමට කට­යුතු කරන ලදි. හෝමා­ගම මූල­ස්ථාන පොලි­සිය වැඩි­දු­ර­ටත් පරී­ක්ෂණ පව­ත්වයි.

මීගොඩ - බී.කේ. කත්‍රි­ආ­රච්චි, කොට්ටාව - ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT