Home » ප්‍රවීණ රංගන ශිල්පී නීල් අලස්ගේ සුව­දුක් බලන්න ඇමැති විදුර යයි

ප්‍රවීණ රංගන ශිල්පී නීල් අලස්ගේ සුව­දුක් බලන්න ඇමැති විදුර යයි

by damith
April 20, 2024 1:03 am 0 comment

“සිංහල වේදිකා, සින­මාව හා ටෙලි නාට්‍ය කලාවේ” ප්‍රතා­ප­වත් භූමි­කා­වක් රඟ දැක්වූ ප්‍රවීණ රංගන ශිල්පී නීල් අලස් මහ­තාගේ සුව දුක් විම­සී­මට බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු ඇමැති විදුර වික්‍ර­ම­නා­යක මහතා සහ සංස්කෘ­තික කට­යුතු දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීහු පිරි­සක් අතු­රු­ගි­රිය ප්‍රදේ­ශයේ පිහිටි ඔහුගේ නි‍ෙව­සට පසු­ගි­යදා ගියහ. ‘කලා­කරු සුව­දම්’ වැඩ­ස­ට­හන යටතේ මෙය සංවි­ධාන කර තිබිණ. නීල් අලස් මහතා කැලණි පාලම නාට්‍යයේ චුට්ටේ, ‘ආඬි රැලේ නාඩ­ගම’ නාට්‍යයේ මැක්හීත් සහ ධවල භීෂණ නාට්‍යයේ ශෝන් ලෙස නිරූ­ප­ණය කළ චරිත යුග­යක් වර්ණ­වත් කළ, ප්‍රේක්ෂ­ක­යන් සහ සමස්ත කලා ක්ෂේත්‍රය අතර තව­මත් සංවා­ද­යට ලක්වේ.

රූප­වා­හි­නිය මඟින් විකා­ශය වූ බුමු­තු­රුණු, ගම්පෙ­ර­ළිය, දූද­රුවෝ, බෝගල සවු­න්දි­රිස්, ගජ­මන් නෝනා වැනි ටෙලි­නාට්‍ය හරහා ඔහු සිය රංගන ප්‍රති­භාව පෙන්වූ අතර, සින­මාවේ දී සොල්දාදු උන්නැහේ, මධු­ස­මය, බිත්ති හතර, සහ­රාවේ සිහි­නය, කෙළි­ම­ඬල, ක්‍රිස්තු චරි­තය, මාරු­තය, භව­දුක, යසෝමා, භව කර්ම, අබා වැනි චිත්‍ර­ප­ට­ව­ලද චරිත නිරු­ප­ණය කළේය.

සංස්කෘ­තික කට­යුතු අධ්‍යක්ෂ යසින්තා ගුණ­ව­ර්ධන මහ­ත්මිය, දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන් ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

උපාලි කරු­ණා­රත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT