Home » මාවු­ස්සා­කැලේ ජලා­ශ­යට යට වූ මස්කෙ­ළිය නග­රයේ නට­බුන් යළි මතු­වෙයි
මධ්‍යම කඳු­ක­ර­යට වැස්ස අඩුයි:

මාවු­ස්සා­කැලේ ජලා­ශ­යට යට වූ මස්කෙ­ළිය නග­රයේ නට­බුන් යළි මතු­වෙයි

by damith
April 20, 2024 1:03 am 0 comment

මධ්‍යම කඳු­ක­ර­යට ප්‍රමා­ණ­වත් වැසි නොලැ­බීම නිසා මස්කෙ­ළිය,මාවු­ස්සා­කැලේ ජලා­ශ­යට යටව තිබූ පැරණි මස්කෙ­ළිය නග­රයේ සර්ව ආග­මික මධ්‍ය­ස්ථා­න­වල නට­බුන් යළි ජල­යෙන් මතු­වෙ­මින් පව­තින අයුරු මේ දින­වල දක්නට ලැබේ.

ජලා­ශයේ ජල මට්ටම පෙරේදා (18)පෙ.ව.8.00 වන විට පිටාර මට්ටමේ සිට අඩි 45ක් පහත බැස ඇති බව ජලාශ භාර ඉංජි­නේ­රුවෝ පැව­සූහ.

ලක්ෂ­පාන ජල­වි­දුලි බලා­ගාර සංකී­ර්ණ­යට අයත් සංව­ර්ධන ක්‍රියා­ව­ලිය යටතේ මාවු­ස්සා­කැලේ ජලා­ශයේ ඉදි­කි­රීම් කට­යුතු ආරම්භ කර ඇත්තේ 1961 වස­රේ­දීය. 1968 ඉදි­කි­රීම් අව­සන් කර 1969 වස­රේදී ජලය පිර­වීම ආරම්භ කර තිබේ. ජලය පිර­වීම ආරම්භ කළ අව­ස්ථාවේ පැවති අධික වර්ෂා­වත් සමඟ දින 02ක කාල­ය­කින් සම්පූ­ර්ණ­යෙන් ජලා­ශය පිරී ගිය බව පැරැන්නෝ පව­සති. පැරණි මස්කෙ­ළිය නග­රය සමඟ උප නගර ලෙස පැවති ගඟේ­වත්ත හා ෆොරස් යන නගර 02 ද මේ ජලා­ශය ඉදි­කි­රී­මේදී ජල­යට යට වී ඇත. අක්කර අඩි 93300ක ජල ධාරි­තා­ව­කින් යුත් විදු­ලි­බ­ලය උත්පා­ද­න­යට ජලය රැස් කිරීම අර­මුණු කර­ගෙන ඉදි­ක­රන ලද මේ දැවැන්ත ජලා­ශයේ සම්පූ­ර්ණ­යෙන් ජලය පිරීම අව­සන් වී ඇත්තේ 1969 අගෝස්තු මාස­යේ­දීය.

ජලා­ශය ඉදි­කි­රී­මේදී පැරණි මස්කෙ­ළිය නග­රයේ තිබූ රෝහල, පොලි­සිය, සිංහල හා දෙමළ පාසල් 02ක්, බෞද්ධ විහා­ර­ස්ථා­නය, බෝධිය, ශ්‍රී ෂන්මු­ග­නා­දන් හින්දු කෝවිල, ගණ දෙවි කෝවිල, සිව කෝවිල, කතෝ­ලික දේව­ස්ථා­නය, මුස්ලිම් පල්ලිය සර්ව ආග­මික මධ්‍ය­ස්ථාන, සිනමා ශාලා, ව්‍යාපා­රික ප්‍රජා­වගේ නිවාස, වෙළෙ­ඳ­සල්, ඇතුළු සියලු දේපළ, මෙන්ම මස්කෙ­ළිය – සාමි­මලේ හා මස්කෙ­ළිය – ශ්‍රී පාද ප්‍රධාන මාර්ග පද්ධ­තිය ජල­යෙන් යට වූ දේපළ අතර නෂ්ටා­ව­ශේෂ ලෙස තව­මත් පව­තින බව පැරණි මස්කෙ­ළිය නග­රයේ දිවි ගෙවූ, දැන­ටත් ජීව­තුන් අතර සිටින අත­ළො­ස්සක් වූ පැරැන්නෝ පව­සති.

ඇඩ­ම්ස්පීක්, මෝකා, බැනි­යන්, බ්‍රවුන්ලෝ, ලක්ෂ­පාන, රක්කාඩු, ෆොරස් යන තේ වතු හා එම තේ වතු­වල පිහිටි තේ කර්මාන්ත ශාලා, මස්කෙ­ළිය – ශ්‍රී පාද මාර්ගයේ පිහිටි කාවඩි පාලම, ගල් පාලම මාවු­ස්සා­කැලේ ජලා­ශයේ ජලය පිර­වී­මේදී ජල­යට යට­වුණු දේපළ අතර වේ. පැරණි මස්කෙ­ළිය නග­රයේ ව්‍යාපා­රික කට­යු­තු­වල නිර­තව සිටි සිංහල, දමිළ, මුස්ලිම් විශාල පිරි­සක් මෙන්ම වතු කම්කරු ජන­තා­ව­ටද තම පාර­ම්ප­රික දේපළ මෙහිදී අහිමි විය.

ජල පෝෂක ප්‍රදේ­ශ­ව­ලට ප්‍රමා­ණ­වත් වැසි නොලැ­බී­මෙන් මාවු­ස්සා­කැලේ ජලා­ශයේ ජල මට්ටම ක්‍රම ක්‍රම­යෙන් පහත බසිද්දී ජලා­ශ­යට යටව තිබූ පැරණි මස්කෙ­ළිය නග­රයේ සර්ව ආග­මික සිද්ධ­ස්ථා­න­වල නෂ්ටා­ව­ශේෂ සහ අනෙ­කුත් දේපළ යළි ජල­යෙන් මතු­වී­මත් සමඟ අතී­තා­ව­ර්ජ­නය ප්‍රදේ­ශ­වා­සීන්ට යළි සිහි ගැන්වී­මෙන් සුන්ද­ර­ත්වය සමඟ දැඩි දුකක්ද ඇති­වන බව ගම්මු පව­සති. ජාතික අව­ශ්‍ය­තා­වක් වන විදු­ලිය උත්පා­ද­න­යට ඇවැසි ඉදි­කි­රී­ම්ව­ලදී තම පාර­ම්ප­රික දේපළ අහිමි වූවත් විදු­ලිය උත්පා­ද­න­යට දාය­ක­වී­මට ලැබීම ගැන වර්ත­මා­නයේ තමන්ට විශාල සතු­ටක් ඇති බවත් ගම්මු කියති.

ජලා­ශ­යට යටව තිබූ සර්ව ආග­මික මධ්‍ය­ස්ථාන නැවත ජල­යෙන් මතු­වී­මෙන් අන­තු­රුව ප්‍රදේ­ශයේ බෞද්ධ හා හින්දු බැති­ම­තුන් විහා­ර­ස්ථාන සහ කෝවි­ල්ව­ලට ගොස් පුද පූජා පැවැ­ත්වීම සිදු කරනු ලබයි.

ජාතික ජල­වි­දු­ලි­බල පද්ධ­ති­යට අයත්, ලක්ෂ­පාන ජල විදු­ලි­බ­ලා­ගාර සංකී­ර්ණය යටතේ ඇති කැනි­යොන්, ලක්ෂ­පාන, නව ලක්ෂ­පාන, පොල්පි­ටිය හා බ්‍රෝඩ්ලන්ඩ් ජල විදු­ලි­බ­ලා­ගාර 05 සඳහා ප්‍රධාන වශ­යෙන් ජලය සැප­යෙන්නේ මාවු­ස්සා­කැලේ ජලා­ශ­යෙනි.

සට­හන හා ඡායා­රූප - මස්කෙ­ළිය සමූහ - ගාමිණී බණ්ඩාර ඉලං­ග­න්ති­ලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT