Home » පාලිත කියන්නේ මන්ත්‍රී­ක­මක් නැති ගානට ජන­තාව එක්ක හිටපු කෙනෙක් – හිටපු ජන­පති මහින්ද රාජ­පක්ෂ

පාලිත කියන්නේ මන්ත්‍රී­ක­මක් නැති ගානට ජන­තාව එක්ක හිටපු කෙනෙක් – හිටපු ජන­පති මහින්ද රාජ­පක්ෂ

ගංව­තු­රක් ආවත් බත් පැකට් එකක් අර­ගෙන එන්න හිටියේ අපට පාලිත මහ­ත්තයා විත­රයි - ගම්මු කියති

by damith
April 20, 2024 1:03 am 0 comment
‘නිසල නිවහන’

පාලිත තෙව­ර­ප්පෙ­රුම මහතා ජන­තාව අතර සාමාන්‍ය ආකා­ර­යට ජීවත් වූ අයෙක් බවත්, කිසි­වි­ටක මන්ත්‍රී තන­තු­රෙන් හිස උදු­ම්මවා නොගත් බවත් හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා දේහ­යට අව­සන් ගෞරව දැක්වී­මෙන් අන­තු­රුව පැව­සීය.

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා ඊයේ(19) දහ­වල් පාලිත තෙව­ර­ප්පෙ­රුම හිටපු ඇමැ­ති­ව­ර­යාගේ දේහ­යට අව­සන් ගෞරව දැක්වී­මෙන් අන­තු­රුව ඒ මහ­තාගේ බිරිය ඇතුළු පවුලේ සාමා­ජි­ක­යන් සමඟ සුහද පිළි­ස­ඳ­රක ද නිරත විය.

අව­සන් ගෞරව දැක්වී­මට පැමිණි ජන­තාව ද අද­හස් දක්ව­මින් පැව­සුවේ කොරෝනා කාලේ අපි අස­රණ වෙලා බඩ­ගින්නේ ඉන්න­කොට අපට කන්න දුන්නේ පාලිත මහ­ත්තයා. ඔහු නැති අඩුව අපට දරා­ගන්න බැහැ.

ගංව­තු­රක් ආවත් බත් පැකට් එකක් අර­ගෙන එන්න හිටියේ පාලිත මහ­ත්තයා විත­රයි.මීළ­ඟට එන ගංව­තු­රෙදි අපි බඩ­ගින්නේ තවත් පිරි­සක් පැව­සූහ.

පසු­ගි­යදා (17) රාත්‍රී 10.00ට පමණ හිටපු ඇමැ­ති­ව­ර­යාගේ දේහය මතු­ගම යට­දො­ළ­වත්ත පිහිටි ඒ මහ­තාගේ නි‍ෙව­සට රැගෙන එන­වි­ටත් විශාල පිරි­සක් නි‍ෙවසේ රැස්ව සිටි­යහ.

ඒ මහ­තාගේ දේහ­යට අව­සන් ගෞරව දැක්වී­මට හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, හිටපු කථා­නා­යක කරු ජය­සූ­රිය, ඇමැ­ති­ව­රුන් වන ප්‍රසන්න රණ­තුංග, අනුප පස්කු­වල්, හිටපු ඇමැ­ති­ව­රුන් වන රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන, රවුෆ් හකීම්, මයන්ත දිසා­නා­යක ඇතුළු පක්ෂ විපක්ෂ දේශ­පා­ලන නියෝ­ජි­තයෝ රැසක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

දේහය නි‍ෙව­සට රැගෙන පැමිණි මොහොතේ සිට අඛ­ණ්ඩව විශාල පිරි­සක් හැඬූ කඳු­ළින් පැමිණ ශෝකය පළ කරන අයුරු දක්නට ලැබුණි.

හිටපු ඇමැ­ති­ව­ර­යාගේ අව­සන් කට­යුතු කිරී­මට නිය­මිත මතු­ගම, කර­ම්පෑ­තර වගා ඉඩ­මක ඔහු විසින්ම ඉදි­කර ඇති සොහොන් කොත නැර­ඹී­ම­ටද මහ පිරිස් පැමිණි අයුරු ද දැක­ගත හැකි­විය.

මිය­යන විට 64 වන වියේ පසු වූ පාලිත තෙව­ර­ප්පෙ­රුම මහ­තාගේ අව­සන් කට­යුතු ඊයේ (19) පස්ව­රුවේ මතු­ගම කර­ම්පෑ­තර ඒ මහතා ඉදි­කළ පවුලේ සුසාන භූමි­යේදී සිදු කෙරිණි.

පොතු­පි­ටිය සුමිත් ප්‍රේම­ති­ලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT