Home » වාමාං­ශික ප්‍රග­ති­ශීලි කඳ­වුරේ ජන­තාව කිසිදා පොහො­ට්ටුව හැර ගිහින් නෑ

වාමාං­ශික ප්‍රග­ති­ශීලි කඳ­වුරේ ජන­තාව කිසිදා පොහො­ට්ටුව හැර ගිහින් නෑ

ජන­මාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර

by damith
April 20, 2024 1:03 am 0 comment

වාමාං­ශික ප්‍රග­ති­ශීලි කඳ­වුරේ ජන­තාව කිසිදා ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ හැර­ගොස් නැතැයි ජන­මාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. පසු­ගිය කාලයේ තම පාක්ෂි­ක­යන් නිහඬ වූ නමුත් පක්ෂය අත්හැර ගොස් නැතැයි ද පසු­ගිය කාලයේ අවස්ථා ගණ­නා­වක දී එය ඔප්පු කර පෙන්වා තිබෙන බව ද ඒ මහතා පව­සයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ පක්ෂ මූල­ස්ථා­නයේ දී පෙරේදා (18) පැවති ප්‍රවෘත්ති සාක­ච්ඡා­වට එක්වෙ­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජන­මාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා මෙසේද පැව­සීය.

“ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවු­රුද්ද ලක්වාසී ජන­තා­වට, ලෝක­වාසී ජන­තා­ව­ටත් සුබ නව වස­රක් වේවා කියා අපි ප්‍රාර්ථනා කර­නවා.පසු­ගිය වසර කීපය පුරාම ඉතාම අමි­හිරි කාල පරි­ච්ඡේ­ද­යක් ගත­වුණේ. පාස්කු දින ප්‍රහා­රය,කොවිඩ් වසං­ග­තය නිසා ඇති­වෙච්ච පීඩ­නය සහ ඒ එක්කම ආපු ආර්ථික අර්බු­දය නිසා රටේ ජන­තාව විශාල වශ­යෙන් පීඩා­වට පත්වුණා. ජන­තා­වට තිබුණු පීඩා­කාරී තත්ත්ව­යන් එකින් එක මඟ හැරෙ­මින් සාමාන්‍ය තත්ත්ව­යට පත්වෙලා සාම­කාමී වාතා­ව­ර­ණ­යක් උදා වෙලා ආර්ථික වශ­යෙ­නුත් යම් යම් ප්‍රති­ලාභ ලැබිලා, සහ­න­දායි වට­පි­ටා­වක් නිර්මා­ණය වෙලා, භාණ්ඩ­වල මිල යම් ප්‍රමා­ණ­ය­කින් අඩු­වෙලා රටේ සුබ­දායි වාතා­ව­ර­ණ­යක් තුළ අවු­රුද්ද සම­රන්න වසර කීප­ය­කට පස්සේ ජන­තා­වට හැකි­යාව ලැබුණා. කන­ගා­ටු­දා­යක සිද්ධින් දෙකක් තිබෙ­නවා.

අපේ රටේ සර්වෝ­දය ව්‍යාපා­රයේ අති­වි­ශාල කැප­කි­රී­මක් කළ එහි නිර්මා­තෘ­ව­රයා වශ­යෙන් කට­යුතු කළ ඒ.ටී. ආරි­ය­රත්න මහ­තාගේ අභා­ව­යට ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ හැටි­යට අපේ සංවේ­ගය පළ කර­නවා.ඒ වගේම අපි කුමන දේශ­පා­ලන මත දැරු­වත් මහ­ජන නියෝ­ජි­ත­යෙක් ලෙස අපිත් එක්ක 2010 පාර්ලි­මේ­න්තු­වට ඇවිත් පාර්ලි­මේන්තු කාල­යේදී මන්ත්‍රී­ව­ර­යෙක් වශ­යෙන්,නියෝජ්‍ය ඇමැ­ති­ව­ර­යෙක් වශ­යෙන් අපේ රට­ටත්,ජන­තා­ව­ටත් විශාල සේවා­වක් කළ නිහ­ත­මානි දේශ­පා­ල­න­ඥ­යෙක් ලෙස පාලිත තෙව­ර­ප්පෙ­රුම මහතා අපි දකි­නවා. ඔහු රටේ ඕනෑම තැන­කදී ජන­තා­වට යම් අව­ශ්‍ය­තා­වක් වූ විට ජන­තා­වගේ ඒ අව­ශ්‍ය­තාව ඉටු කිරීම වෙනු­වෙන් ඔහුගේ තන­තුර පසෙ­කලා කට­යුතු කරන ආකා­රය අපි දැක්කා. ඒ සුන්දර මිනිසා හදි­සියේ අභා­ව­යට පත්වුණා.

එතු­මාගේ අභා­වය පිළි­බ­ඳ­වත් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ සාති­ශය සංවේ­ගය පළ කර­නවා. දේශ­පා­ලන පක්ෂ­යක් විදි­හට ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ නැව­තත් අපේ සංවි­ධාන කට­යුතු ක්‍රමා­නු­කූ­ලව ආරම්භ කරන්න තීර­ණය කර තිබෙ­නවා.

හුඟක් දෙනෙක් කිවු­වත් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ඉව­රයි කියලා ඒ පිරි­සට වැර­දිලා තිබෙන්නේ. අපිත් එක්ක ඉන්න ජන­තාව වාමාං­ශික ප්‍රග­ති­ශීලි කඳ­වුරේ ජන­තාව කව­දා­වත් අපව අත්හැර ගිහින් නැහැ. පසු­ගිය කාලයේ ඔවුන් නිහඬ වුණා. ඔවුන් නිහඬ වුණා මිසක් පක්ෂය අත්හැර ගිහින් නැහැ. වැඩ කරන ජන­තා­වත් එක්ක ඒක­රාශි වෙලා අපි මෙවර පව­ත්වන මැයි දිනය අපි වැඩිම ජනතා සහ­භා­ගි­ත්ව­ය­කින් පව­ත්වන මැයි රැලිය බවට පත් කර­නවා. ඒ කොළඹ කැම්බල් පිටියේ. අපේ රටේ සෑම මැති­ව­රණ කොට්ඨා­ස­ය­කින්ම මේ වන විට පුළුල් සංවි­ධාන ශක්ති­යක් ගොඩ­නැ­ඟෙ­මින් තිබෙ­නවා.

සෑම මැති­ව­රණ කොට්ඨා­ස­ය­කම ග්‍රාමීය මට්ට­මින්,බිම් මට්ට­මින් සංවි­ධාන කට­යුතු ශක්ති­මත් කර අපිත් එක්ක හිටපු අපේ පාක්ෂි­කයෝ සිය­ලු­දෙනා එක්ක නැව­තත් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ශක්ති­මත්ම දේශ­පා­ලන පක්ෂය හැටි­යට ඕනෑම මැති­ව­ර­ණ­ය­කට සාර්ථ­කව මුහුණ දෙන්න පුළු­වන් සංවි­ධාන ශක්තිය අපි ගොඩ­න­ඟ­න්නත් බලා­පො­රොත්තු වෙනවා” යනු­වෙන් පැව­සීය.

මහින්ද අලු­ත්ගෙ­දර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT