Home » ‘මදර් ශ්‍රී ලංකා’ව්‍යාපෘ­ති­යට කර්මාන්ත සංව­ර්ධන මණ්ඩල සහාය දෙන්න අව­බෝ­ධතා ගිවි­සු­මක්

‘මදර් ශ්‍රී ලංකා’ව්‍යාපෘ­ති­යට කර්මාන්ත සංව­ර්ධන මණ්ඩල සහාය දෙන්න අව­බෝ­ධතා ගිවි­සු­මක්

by damith
April 20, 2024 1:02 am 0 comment
ලංකා කර්මාන්ත සංව­ර්ධන මණ්ඩ­ලයේ සභා­පති වෛද්‍ය සාරංග අල­හ­ප්පෙ­රුම මහතා හා ‘මදර් ශ්‍රී ලංකා’ ව්‍යාපෘ­තියේ සභා­පති ජානකී කුරුප්පු මහ­ත්මිය අව­බෝ­ධතා ගිවි­සු­මට අත්සන් තැබීමෙන් පසු ගිවිසුම් හුවමාරු කර ගනිමින්.

‘මදර් ශ්‍රී ලංකා’ ව්‍යාපෘ­තියේ සුළු හා මධ්‍යම පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන්ගේ නිෂ්පා­දන කර්මාන්ත සංව­ර්ධ­නය උදෙසා, ලංකා කර්මාන්ත සංව­ර්ධන මණ්ඩ­ලයේ පූර්ණ සහ­යෝ­ගය ලබා­දී­මට අව­බෝ­ධතා ගිවි­සු­මක් අත්සන් කිරීම පසු­ගි­යදා බත්ත­ර­මුල්ල අපේ ගම පරි­ශ්‍ර­යේදී සිදු විය.

මෙහිදී ලංකා කර්මාන්ත සංව­ර්ධන මණ්ඩ­ලයේ සභා­පති වෛද්‍ය සාරංග අල­හ­ප්පෙ­රුම මහතා හා ‘මදර් ශ්‍රී ලංකා’ ව්‍යාපෘ­තියේ සභා­ප­තිනි ජානකී කුරුප්පු මහ­ත්මිය මෙම අව­බෝ­ධතා ගිවි­සු­මට අත්සන් තබනු ලැබූහ. මෙම අව­බෝ­ධතා ගිවි­සු­මට අනුව ‘මදර් ශ්‍රී ලංකා’ ව්‍යාපෘ­තියේ සුළු හා මධ්‍යම පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන්ට අවශ්‍ය දැනුම, අව­බෝ­ධය, පුහු­ණුව මෙන්ම නිෂ්පා­දන කර්මාන්ත සඳහා රජයේ සහ­යෝ­ගය, ආධාර අනු­බල හා සිලෝන් ප්ලාසා විද්‍යුත් වාණිජ වේදි­කාව ඔස්සේ නිෂ්පා­දන අලෙ­විය, ප්‍රව­ර්ධ­නය, ප්‍රචා­ර­යට මෙන්ම වෙළෙ­ඳ­පොළ සොයා­දී­මට ද, සහ­යෝ­ගය හා ආධාර ලබා දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT