Home » හිස්වැ­සුම් ඇතුළු යතු­රු­පැ­දි­ව­ලට ආර­ක්ෂිත උප­ක­රණ විකුණා ජීවි­තය ජය­ගත් ඉන්ද්‍රානි දිරිය කත

හිස්වැ­සුම් ඇතුළු යතු­රු­පැ­දි­ව­ලට ආර­ක්ෂිත උප­ක­රණ විකුණා ජීවි­තය ජය­ගත් ඉන්ද්‍රානි දිරිය කත

by damith
April 20, 2024 1:02 am 0 comment

හෙල්මට් අලු­ත්වැ­ඩියා කිරී­මෙන් සහ අලුත් හෙල්මට් ඇතුළු යතු­රු­පැදි සඳහා අවශ්‍ය ආර­ක්ෂිත උප­ක­රණ අලෙවි කිරී­මෙන් ජීවි­තය ජය­ගත් දිරිය කාන්තා­වක් ගාල්ල ලබු­දූවේ දී අපට හමු­විය. ඇය අක්මී­මන තල­ගහ පදිංචි ආර්.ඒ. ඉන්ද්‍රා­නිය(39). ඇය දරු­වන් තිදෙ­න­කුගේ මවකි.

තම ව්‍යාපා­රය පිළි­බ­ඳව ඇය තම කට­හඬ මෙසේ අවදි කළාය. මතු­ගම අපේ මාමා කෙනෙක් ළඟ මම හෙල්මට් නිප­ද­වීමේ කර්මා­න්ත­යක නිරත වුණා. මේ කර්මා­න්තය පිළි­බ­ඳව අත්දැ­කීම් මම ඒ තුළින් ලබා ගත්තා. පසුව මම ගාල්ලට පැමිණ 2019 වර්ෂයේ හෙල්මට් අලු­ත්වැ­ඩි­යාව පටන් ගත්තා. දැන් මේ කර්මා­න්තය පටන් ගෙන වසර හත­රක් පමණ වෙනවා. මේ වන විට කර්මා­න්තය කර­ගෙන යෑමට මම කුඩා ප්‍රමා­ණයේ වෑන් රථ­යක් ද මිල දී ගත්තා. දැන් මගේ සියලු ව්‍යාපාර කට­යුතු කෙරෙන්නේ එම කුඩා ලොරි­යේය. පරණ හෙල්මට් අලු­ත්වැ­ඩියා කිරීම අලුත් හෙල්මට් විකි­ණීම සහ යතු­රු­පැ­දි­ව­ලට අවශ්‍ය ජැකට් ඇතුළු ආර­ක්ෂිත උප­ක­රණ මේ ස්ථාන­යෙන් ගනු­දෙ­නු­ක­රු­වන්ට ලබා ගත හැකියි. ඉතා සහ­න­දායී මුද­ල­කට කාර්ය­ක්ෂම සේවා­වක් මේ ස්ථානයේ දී ගනු­දෙ­නු­කාර භව­තුන්ට ලබා ගත හැකියි.

මට දරු­වන් තිදෙ­නකු සිටි­නවා. වැඩි­මල් පුතා විශ්ව­වි­ද්‍යා­ල­යක අධ්‍යා­ප­නය ලබ­නවා. දෙවැනි පුතා උසස් පෙළ විභා­ග­යට සූදා­නම් වෙනවා. තුන්වන පුතා 10 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. මගේ මහ­ත්තයා ක්‍රීඩා නිල­ධා­රි­යකු ලෙස සේවය කර­නවා. මගේ ව්‍යාපා­රය දියුණු කර ගැනී­මට මා පසු­පස සෙව­ණැ­ල්ලක් මෙන් සිටින්නේ මගේ මහ­ත්තයා කීවොත් එය නිවැ­ර­දියි. ගෙදර දොර කට­යු­තු­ව­ලට මෙන්ම මේ ව්‍යාපා­ර­ය­ටත් ඔහු­ගෙන් ලැබෙන පිටි­ව­හල අති­වි­ශි­ෂ්ටයි.

සෑම­දාම අපේ කුඩා ලොරිය ලබු­දූ­වට පද­වා­ගෙන පැමිණ මේ ස්ථානයේ ගාල් කරන්නේ මගේ සැමියා. ඉන්පසු ඔහු රැකි­යා­වට යනවා.

මගෙන් මේ සේවාව ලබා ගැනී­මට බොහෝ පිරි­සක් එනවා. ඒ සෑම දෙනාම සතු­ටින් රස්ති­යාදු නොකර ආ කට­යුත්ත කර­දීම මගේ වග­කී­මයි. මේ ව්‍යාපා­ර­යෙන් මට දෛනි­කව සැල­කිය යුතු ආදා­ය­මක් ලැබෙ­නවා. අනුන්ට අත නොපා ජීව­ත්වී­මට මේ මඟින් මට හැකියි. පිරි­මින්ට පම­ණක් සීමා වී තිබුණු මේ ව්‍යාපා­රය කාන්තා­වන් වන අප­ටත් කිරී­මට හැකි­වීම ගැන මම නිහ­ත­මා­නීව ආඩ­ම්බ­රයි.

ලංකාවේ අනෙක් කාන්තා­ව­න්ටත් තම ජීවි­තය සාර්ථක කර­ගැ­නී­මට ඉන්ද්‍රානී ආද­ර්ශ­යක්.

දික්වැල්ලේ තිල­ක­රත්න - ගාල්ල උතුර සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT