Home » ගෝලීය සති සමු­ළුව මැයි 3 – 4 මානෙ­ල්වත්ත නාගා­නන්ද බෞද්ධ සර­ස­වියේ දී

ගෝලීය සති සමු­ළුව මැයි 3 – 4 මානෙ­ල්වත්ත නාගා­නන්ද බෞද්ධ සර­ස­වියේ දී

by damith
April 20, 2024 1:03 am 0 comment

මෙරට පාසල් පද්ධ­තියේ ක්‍රියා­ත්මක සති­මත් බව අභ්‍යාස කිරීමේ වැඩ­ස­ට­හනේ තීර­ණා­ත්මක ඉදිරි පිය­ව­රක් ලෙස ගෝලීය සති සමු­ළුව ලබන මැයි 3-4 දෙදින තුළ මානෙ­ල්වත්ත නාගා­නන්ද බෞද්ධ විශ්ව­වි­ද්‍යා­ලයේ දී පැවැ­ත්වෙන බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය දැනුම් දෙයි.

උඩ­ඊ­රි­ය­ගම ධම්ම­ජීව හිමි­යන්ගේ හා අධ්‍යා­පන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සති­පා­සල් පද­නම හා අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය එක්ව සංවි­ධාන කර ඇති මේ ජාත්‍ය­න්තර සමු­ළු­වට යුරෝපා රට­වල් ඇතුළු බොහෝ රට­වල පිහි­ටුවා ඇති සති පාසල් සංවි­ධා­න­වල නියෝ­ජි­තයෝ සහ­භාගි වෙති.

උඩ­ඊ­රි­ය­ගම ධම්ම­ජීව හිමි­යන්ගේ සංක­ල්ප­ය­කට අනුව නිර්මා­ණය වී ඇති සති­ම­ත්බව අභ්‍යාස කිරීමේ වැඩ­ස­ට­හන මඟින් සතිය හෙවත් සිහිය ඉතා නිර්මා­ණ­ශී­ලිව හා ආක­ර්ෂ­ණීය ලෙස තම ජීවිත සමඟ බද්ධ කර­ගෙන ජීවි­තයේ මුහු­ණ­පෑ­මට සිදු වන සිය­ලුම ප්‍රශ්න­ව­ලට පිළි­තු­රක් ලෙස එම සිහිය පව­ත්වා­ගෙන යෑමේ ක්‍රම­වේ­දය පාසල් සිසුන්ට හඳු­න්වා­දීම මෙහි මූලික අර­මුණ වී තිබේ.

මේ ක්‍රම­වේ­දය මේ වන විට වසර අටක පමණ කාල­යක් ලංකාවේ විවිධ ක්ෂේත්‍ර­ව­ලට හඳුන්වා දී ප්‍රායෝ­ගි­කව භාවි­ත­යට ගෙන ඇත.

අධ්‍යා­පන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත මහතා විසින් මේ ක්‍රම­වේ­දයේ සාර්ථ­ක­ත්වය සම්බ­න්ධ­යෙන් කළ අධ්‍ය­ය­න­ය­කින් පසුව එය මෙරට පාසල් පද්ධ­ති­යට හඳුන්වා දී ඇති අතර එය සියලු ජන වර්ග­ව­ලට අයත් සෑම ආග­ම­කම පාසල් දරු­වන් ඉතා උද්‍යෝ­ග­යෙන් වැල­ඳ­ගෙන ඇත. අධ්‍යා­පන කට­යු­තු­වල ඵල­දා­යි­තාව වර්ධ­නය කිරීම උදෙසා එම­ඟින් ලැබෙන ඉහළ මාන­සික දාය­ක­ත්ව­යත් හේතු­වෙන් ඊට ඉහළ ජාත්‍ය­න්තර පිළි­ගැ­නී­මක් ද මේ වන විට ලැබී ඇත. ඒ ඔස්සේ සති­මත් දේශ­යක් ගොඩ­නංවා ලාංකික සති­මත් දින­යක් ප්‍රකා­ශ­යට පත් කිරී­මට මේ ගෝලීය සමු­ළුව පැවැ­ත්වෙන කාලයේ දී අපේක්ෂා කරයි. එක්සත් ජාතීන්ගේ සංවි­ධා­න­යට එය ඉදි­රි­පත් කිරීම ඔස්සේ ඉන් ලබා­ගත හැකි ජය­ග්‍ර­හණ හා දරු­වන්ගේ බුද්ධි­මය හා චර්යා­ත්මක සංව­ර්ධ­නය කිරී­මට ලද හැකි විපුල දාය­ක­ත්වය සම්බ­න්ධ­යෙන් සමස්ත ලෝක­යම දැනු­ම්වත් කිරී­මට මේ ගෝලීය සති සමු­ළුව තෝතැ­න්නක් කර­ගැ­නීම සංවි­ධා­ය­ක­යන්ගේ අපේ­ක්ෂාව වී තිබේ. එය සති­ම­ත්බ­වින් යුත් විශ්ව ගම්මා­න­යක් ගොඩ­නැං­වීම හා ජාත්‍ය­න්තර සති­මත් දින­යක් ප්‍රකා­ශ­යට පත් කිරීම දක්වා ඉදි­රි­යට ගෙන යෑමට ද අපේ­ක්ෂි­තය.

මේ ගෝලීය සති සමු­ළුව පැවැ­ත්වෙන කාලයේ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය, ත්‍රිවිධ හමු­දාව සහ පොලි­සිය, බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව වැනි ආය­තන රැසක් තම ආය­ත­නයේ මේ සිහිය සතිය අභ්‍යාස කිරීමේ වැඩ­ස­ට­හන් මඟින් ලද ප්‍රති­ලාභ පිළි­බඳ අද­හස් දැක්වී­මට නිය­මි­තය.

සම්පූ­ර්ණ­යෙන්ම නොමිලේ පව­ත්වන මේ සති සමු­ළු­වට ඔබ­ටත් එක් විය හැකි අතර ඒ සඳහා www.satipasala.org වෙබ් පිටු­වට පිවිස ලියා­ප­දිංචි විය හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT