Home » මිහි­න්තලා මහා සෑයේ තීන්ත ආලේප කිරීම ඇරඹේ

මිහි­න්තලා මහා සෑයේ තීන්ත ආලේප කිරීම ඇරඹේ

by damith
April 20, 2024 1:03 am 0 comment

පොසොන් උත්ස­ව­යට සම­ගා­මීව බුදුන් වහ­න්සේගේ ඌර්ණ රෝම ධාතූන් වහ­න්සේලා තැන්පත් කර ඇති ඓති­හා­සික මිහි­න්තලා මහා සෑයේ තීන්ත ආලේප කිරීමේ කට­යුතු පෙරේදා (18) පෙර­ව­රුවේ යෙදුණු සුබ මොහො­තින් ආරම්භ කෙරිණි.

ඓති­හා­සික මිහි­න්තලා රජ­මහා විහා­රා­ධි­පති ආචාර්ය වල­වා­හැං­ගු­ණ­වැවේ ධම්ම­ර­තන නාහි­මි­පා­ණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ­ර­ත්නයේ ආශී­ර්වාද මැද රාජ්‍ය නිල­ධා­රින්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් මෙය සිදු කළහ. පඬු­ව­ස්නු­වර අභ­ය­ගිරි ප්‍රජා සේවා පද­නමේ ශ්‍රම දාය­ක­ත්වය මත මේ උතුම් කට­යුත්ත සිදු කරයි.

මෙවර පැවැ­ත්වෙන 2333 වැනි පොසොන් උත්ස­වය මෙරට සහ ලෝවැසි සියලු ජන­තා­වගේ දාය­ක­ත්ව­යෙන් සාර්ථ­කව කිරී­මට කට­යුතු කරන බව මෙහිදී අනු­ශා­ස­නා­වක් කර­මින් මිහි­න්තලා රජ­මහා විහා­රා­ධි­පති ආචාර්ය වල­වා­හැං­ගු­ණ­වැවේ ධම්ම­ර­තන නාහි­මියෝ පැව­සූහ.

ඡායා­රූප – අනු­රා­ධ­පුර අති­රේක

අමිල ප්‍රභාත් වන­සිංහ- අනු­රා­ධ­පුර අති­රේක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT