Home » තරුණ තරු­ණි­යන් අපේක්ෂා කරන ශ්‍රී ලංකා­වක් නිර්මා­ණය කළ හැකියි

තරුණ තරු­ණි­යන් අපේක්ෂා කරන ශ්‍රී ලංකා­වක් නිර්මා­ණය කළ හැකියි

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ

by damith
April 20, 2024 1:06 am 0 comment

මෙරට තරුණ තරු­ණි­යන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මා­ණය කළ හැකි බවට දැඩි විශ්වා­ස­යක් තමා තුළ පව­තින බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මේ බව සඳ­හන් කර සිටියේ නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ යොවුන් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් සහ තරුණ දේශ­පා­ලන නියෝ­ජි­ත­යන් සමඟ පෙරේදා (18) නුව­ර­එ­ළිය ජනා­ධි­පති මන්දි­රයේ පැවති හමු­වේ­දීය.

තව­දු­ර­ටත් ජනා­ධි­ප­ති­ව­රයා මෙසේද පැව­සීය.

බිඳ­වැ­ටුණු ශ්‍රී ලංකා ආර්ථි­කය යළි ගොඩ­නැ­ඟීමේ අභි­යෝ­ගය මා භාර ගත්තා. වසර දෙකක් තුළදී රටේ ආර්ථි­කය ස්ථාවර මට්ට­ම­කට ගෙන ආවා. රට ඉදි­රි­යට ගෙන යෑමට අව­ශ්‍යව ඇත්තේ සාමු­හි­ක­ත්වය පම­ණයි.

නුව­ර­එ­ළිය, හඟු­ර­න්කෙත, මස්කෙ­ළිය, කොත්මලේ සහ වල­පනේ ආසන නියෝ­ජ­නය කර­මින් යොවුන් පාර්ලි­මේන්තු මන්ත්‍රී­වරු සහ එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බල­වේ­ගය සහ ජාතික ජන බල­වේ­ගය ඇතුළු පක්ෂ කිහි­ප­යක තරුණ දේශ­ප­ලන නියෝ­ජි­ත­යන් පිරි­සක් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ. නුව­ර­එ­ළිය දිස්ත්‍රික් සංව­ර්ධන කට­යුතු ඇතුළු කරුණු කිහි­ප­යක් පිළි­බ­ඳව මෙහිදී පුළුල් ලෙස සාක­ච්ඡා­වට ලක් කෙරිණි.

නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කය ඉහළ සංචා­රක ආක­ර්ෂ­ණ­යක් දිනා­ගත් ප්‍රදේ­ශ­යක් ලෙස සංව­ර්ධ­නය කිරී­මට ආණ්ඩුව ගෙන යන වැඩ­පි­ළි­වෙ­ළට අද ඇතැ­මුන් අකුල් හෙළ­මින් සිටි­නවා. එම සංව­ර්ධන වැඩ­පි­ළි­වෙ­ළට සියලු දෙනාගේ සහාය හිමි වන්නේ නම්, එය මෙරට ආර්ථි­කයේ හැර­වුම් ලක්ෂ්‍ය­යක් බවට පත් කළ හැකියි. පැරණි දේශ­පා­ල­නයේ නිර­තව රට සංව­ර්ධ­නය කළ නොහැ­කියි. රටට අවශ්‍ය ආයෝ­ජන ආක­ර්ෂ­ණය කර ගනි­මින් රට සංව­ර්ධ­නය කිරී­මට නම් සියලු දෙනා එක­ඟ­තා­ව­ය­කින් කට­යුතු කළ යුතුයි.

ආණ්ඩුවේ නිවැ­රදි ආර්ථික වැඩ­පි­ළි­වෙළ සමඟ රට තුළ ඇති වී තිබෙන ආර්ථික ස්ථාව­ර­ත්වය නිසා ජන­තාව මෙවර සිංහල හා දෙමළ අලුත් අවු­රුද්ද චාරි­ත්‍ර­ව­ලට මුල් තැන දෙමින් සතු­ටින් සැම­රුවා. අද සියලු ක්ෂේත්‍ර­වල සිදුව තිබෙන පිබි­දීම සමඟ ජන­තා­වගේ ආදා­යම් මාර්ග ද ඉහළ යමින් තිබෙ­නවා. රටේ සියලු ජන­තා­වට මෙම ප්‍රති­ලා­භය හිමි කර දීම මගේ අර­මු­ණයි.

තරුණ ප්‍රජාව සවි­බල ගැන්වීම වෙනු­වෙන් සෑම ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­ය­කම ප්‍රාදේ­ශීය තරුණ කේන්ද්‍ර පිහි­ටු­වී­මට සැල­සුම් කර තිබෙ­නවා. එම ප්‍රාදේ­ශීය තරුණ කේන්ද්‍ර හරහා තරුණ ව්‍යව­සා­ය­ක­යන් නඟා­සි­ටු­වී­මට කට­යුතු කර­නවා. බැංකු ශාඛා­වල ප්‍රධාන නිල­ධා­රීන් සහ වාණිජ මණ්ඩල සාමා­ජි­ක­යන් ද ඊට සම්බන්ධ කර ගැනී­මට සැල­සුම් කර තිබෙ­නවා.

සමගි ජන බල­වේ­ගයේ නුව­ර­එ­ළිය දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ධුර අපේ­ක්ෂක අශෝක හේරත් මහතා සඳ­හන් කළේ තමන් වෙනත් පක්ෂ­යක් නියෝ­ජ­නය කළද ජනා­ධි­ප­ති­ව­ර­යාගේ වැඩ­පි­ළි­වෙළ පිළි­ගන්නා බැවින් එම වැඩ­පි­ළි­වෙ­ළට සහාය පළ කරන බවයි. රනිල් වික්‍ර­ම­සිංහ මහතා අග­මැ­ති­ව­රයා ලෙස 2001 වසරේ ආරම්භ කර 2025 වසරේ දී අව­සන් වීමට නිය­මි­තව තිබූ “යළි පුබු­දමු ශ්‍රී ලංකා” වැඩ­ස­ට­හන සාර්ථක කර ගැනී­මට සිය­ලු­දෙනා සහාය ලබා දුන්නා නම්, මේ වන විට ශ්‍රී ලංකාව සංව­ර්ධිත රටක් බව පෙන්වා දුන් ඒ මහතා, එදා ඊට අකුල් හෙළූ පාර්ශ්ව වර්ත­මා­නයේ ජනා­ධි­ප­ති­ව­රයා දියත් කර ඇති 2048 සංව­ර්ධිත රටක් වැඩ­පි­ළි­වෙ­ළට ද අකුල් හෙළ­මින් සිටින බවද පැව­සීය.

ඉදිරි වසර 02 තුළ රටේ විප්ල­වීය පරි­ව­ර්ත­න­යක් සිදු කර­මින් තවත් වසර 10ක් රටේ නාය­ක­ත්වය සඳහා රනිල් වික්‍ර­ම­සිංහ මහතා පත් කර ගැනී­මට අවශ්‍ය සහාය ලබා දෙන බවද අශෝක හේරත් මහතා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය. හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී කේ.කේ. පිය­දාස මහතා සහ නුව­ර­එ­ළිය මහා නගර සභාවේ හිටපු නග­රා­ධි­පති චන්දන ලාල් කරු­ණා­රත්න මහතා ඇතුළු හිටපු නාග­රික මන්ත්‍රී­වරු සහ ප්‍රාදේ­ශීය තරුණ දේශ­පා­ල­න­ඥයෝ පිරි­සක් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT