Home » රට බේරා ගන්නා බවට පුර­සා­රම් දොඩන පිරිස එදා තරු­ණ­යන් හැට දහ­ස­කට දිවි අහිමි කළා

රට බේරා ගන්නා බවට පුර­සා­රම් දොඩන පිරිස එදා තරු­ණ­යන් හැට දහ­ස­කට දිවි අහිමි කළා

කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානා­ය­ක්කාර

by damith
April 20, 2024 1:04 am 0 comment

රට බේරා ගැනි­මට පැමි­ණෙන බවට පුර­සා­රම් දොඩන පිරිස එදා තරු­ණ­යන් හැට­ද­හ­ස­කට දිවි අහිමි කළා සේම වර්ත­මාන තරුණ ප්‍රජාව විදේශ රැකියා අව­ස්ථා­ව­ලට යොමු­වී­මට බාධා කර­මින් එදා සිදු කළ විනා­ශය අදත් සිදු කර­මින් සිටින බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානා­ය­ක්කාර මහතා පැව­සීය.

ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කර සිටියේ උමං­දාව බෞද්ධ විශ්ව ගම්මා­නයේ දී ඊයේ (19) දින පැවති ඊශ්‍රා­ය­ලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා තෝරා­ගත් පිරිස වෙනු­වෙන් සංවි­ධා­නය කළ ප්‍රථම පුහුණ වැඩ­ස­ට­හ­නට එක් වූ අව­ස්ථා­වේ­දීය.

මෙම වැඩ­ස­ට­හන මගින් ඊශ්‍රා­ය­ලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකි­යා­ව­ලට යොමු­වන පිරිස් හට නේවා­සික පුහු­ණු­වක් මෙන්ම ආකල්ප වර්ධ­නය කිරී­මක්ද සිදු­කි­රී­මට අපෙ­ක්ෂි­තයි. මෙහිදී අභි­යෝ­ග­ව­ලට මුහුණ දෙමින් සාර්ථ­කව සිය රැකි­යාව කිරී­ම­ටත් මෙර­ටට පැමිණි පසු ව්‍යව­සා­ය­ක­යකු වශ­යෙන් සාර්ථක වීමට අවශ්‍ය පුහු­ණුව ද ලබා­දී­මට නිය­මි­තයි.

මෙම අව­ස්ථා­වට උමං­දාව බෞද්ධ විශ්ව ගම්මා­නයේ නිර්මාතෘ සිරි සම­න්ත­භද්‍ර නායක ස්වාමීන් වහ­ස්සේද ගායන ශිල්පී ඉරාජ් වීර­රත්න ඇතු­ළුව පුහු­ණු­වට එක්වන පළමු කණ්ඩා­යමේ සාමා­ජි­ක­යින් එක්ව සිටි­යහ.

මෙම අව­ස්ථා­වේදී වැඩි­දු­ර­ටත් අද­හ­සක් දැක්වූ ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සීය.

අපි උමං­දා­වට ආපු පළමු දව­සේම මෙතන පුහුණු වීම් මධ්‍ය­ස්ථා­න­යක් ඇති කරන්න කියලා තීර­ණය කළා. මෙත­නදී කෘෂි කාර්මා­න්තය, ඉදි­කි­රීම් පුහු­ණු­වීම ලබා­දීම නොවෙයි අපගේ මූලික අර­මුණ වන්නේ.

මෙතැ­නදී මූලික අර­මුණ වෙන්නේ ජීවි­තය ඉගැ­න්වී­මයි. රටේ කෘෂි කර්මා­න්තය පුහුණ කරන්න ආය­තන ඕනෑ තරම් තියෙ­නවා. ඒ වුණාට ජීවි­තය ඉගෙන ගන්න පුළු­වන් තැන් නැහැ.

මිනිස්සු හදන්න නම්, ඒ සඳහා තියෙන තැන උමං­දාව කියලා අපි තීර­ණය කළා. ඊට අවශ්‍ය වින­යා­නු­කූල පරි­ස­රය, මාන­සික ශක්තිය දෙන්න පුළු­වන් අනු­ශා­ස­ක­ත්වය මෙතැන තියෙ­නවා.

මෙතැන කෘෂි කාර්මා­න්තය නවී­ක­ර­ණය කරලා තියෙන ආකා­රය පිළි­බ­ඳව අත්දැ­කීම දැක ගන්න හැකි­යාව තියෙ­නවා. විශාල පරා­සක විසි­රුණු දැනු­මක් මෙහිදී එකතු කර­ගන්න හැකි­යාව ලැබෙ­නවා.

අපි ඊශ්‍රා­ය­ල­යට වගේම තවත් රට­වල් රැස­කට තරුණ තරු­ණි­යන්ව යොමු කර­නවා. ඒ පිරිස රට ගිහින් ඇවිල්ලා නිකම් සල්ලි ටිකක් අරන් ඇවිත් කඩා වැටෙන පිරි­සක් නොකර ඒ අය ජීවි­තය දිනන පිරි­සක් බවට පත් කරන්න අවශ්‍ය කරන පරි­ස­රය හැදී­ම­ටයි අපිට අවශ්‍ය වුණේ. ඒ වැඩ­ස­ට­හන තමයි අපි අද ආරම්භ කරන්නේ. මේක සමාජ ප්‍රග­ම­න­යක ආර­ම්භ­යක්. ව්‍යව­සා­ක­යි­න්ගෙන් පිරුණු, මේ භූමි­යට ආද­රය කරන මිනි­සුන් ඉන්න රටක් බවට පත් කරන වැඩ­ස­ට­හනේ ආරම්ය තමයි අද දින­යේදී උමං­දා­වෙන් සිදු වෙන්නේ. මේ සඳහා පූර්ණ අනු­ග්‍ර­හය දෙමින් අපිව දිරි­ග­න්වන සමන්ත භද්‍ර හිමි­යන්ට ස්තූතිය පුද­ක­ර­නවා.

මේ රටේ තාරුණ්‍ය පිළි­බ­ඳව, අධ්‍යා­ප­නය පිළි­බ­ඳව, බර­ප­තළ ප්‍රශ්න­යක් තියෙ­නවා. අපේ රටේ අධ්‍යා­ප­න­යෙන් බිහි කරන්නේ හිතන්න පුළු­වන් මිනිස්සු නෙමෙයි. අපේ අධ්‍යා­ප­න­යෙන් හිතන්න බැරි මිනිස්සු ටිකක් හදලා, ඊට පස්සේ උසස් අධ්‍යා­ප­න­යෙ­නුත් ඒ වගේම කට­පා­ඩම් කරන පිරි­සක් බිහි­ක­ර­නවා. ඒව­ගේම මාධ්‍ය විසි­නුත් පරි­ක­ල්පන ශක්ති­යක් නැති නිකම් පාවෙන මිනිස්සු ටිකක් බිහි­ක­රන අව­ස්ථා­වක අපිට පුළු­වන් තැනින් මිනි­සුන් වෙනස් කරන්න කට­යුතු කර­නවා. ඒ අනුව වෙනස් වෙලා, මේ රට ගොඩ­න­ඟන්න ජාති­යක් විදි­හට ජය­ග්‍රාහී ගම­නක් යන්නයි අපි අද මුල පුරන්නේ.

රටේ ශ්‍රමි­ක­යින් විදේශ රට­ව­ලට යවන්න එපා කියලා විවිධ තර්ක තියෙන අව­ස්ථා­වක මේක ජාතික වග­කී­මක් විදි­හට සල­ක­ලයි අපි කට­යුතු කරන්නේ. පසු­ගිය කාල­යේදී අපි අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 10ක මුද­ලක් විදේශ ප්‍රේෂණ විදි­හට මෙර­ටට ගෙන එන්න සමත් වුණා. රටට අවශ්‍ය කරන තෙල් ටික, ගෑස් ටික ගන්න හයි­යක් වුණා. ඒත් තවත් පිරි­සක් විදේශ ශ්‍රමි­ක­යින්ට සල්ලි එවන්න එපා කියලා කිව්වා. ඒකෙන් වැටුණේ, පෝලි­ම්වල මරුණේ අපේම ජන­තා­වයි. ඒ අයට නම් යාළුවෝ හරි දෙනවා නමුත් රටේ සමාන්‍ය ජන­තා­වට එහෙම දෙන්න කවු­රු­වත් නැහැ. ඉතින් එහෙම තිබුණ තත්ත්ව­යක් අපි වෙනස් කළා. රට වෙනස් කරන ජාතික වග­කීම වෙනු­වෙ­නුයි අද අපි මෙතැ­නට පැමිණ තියෙන්නේ.

මම අද දැක්කා මේ තරුණ තරු­ණියෝ රට යන එකට විශාල විරෝ­ධ­තා­ව­යක් තියෙ­නවා. මාත­රදී තිබුණ රැලි­ය­කදී කිව්වා තරුණ තරු­ණියෝ රට යවන්න එපා කියලා. හඳු­න්නෙත්ති සහ චතු­රංග කියල අලුත් හාද­යෙක් කිව්වා තරු­ණ­යන් රට යවන්න එපා කියලා. රටක තිබෙන්න ඕනේ නිෂ්පා­දන ආර්ථි­ක­යක්ලු. ඉතින් ඒකට තරු­ණ­යන් රට පට­වලා හරි­ය­න­වද කියලා මේ අය කිය­නවා. හැබැයි නිෂ්පා­දන ආර්ථි­ක­යක් එක රැයෙන් හදා ගන්න පුළු­වන්ද? ඩොලර් ටික ගෙන්ව ගන්න මොකක්ද කළ­යුතු වන්නේ ?.

අද මේ අය බලා­ගෙ­නම ඉන්නේ රටට කර­ද­යක් වෙන­කම්. ගමේ ඉන්න කුහ­කම සෙට් එක කිසිම කෙනෙක් දියු­ණු­වෙන එකට කැමති නැහැ. වංච­නි­ක­යින්ට රට යව­නවා කියලා කියන බොරු­ව­ලට අහු­වෙන්න එපා කියලා කොච්චර කිව්වත් අපේ මිනිස්සු ඒ වංච­නි­ක­යින්ට අහු­වෙ­නවා. ඊශ්‍රා­ය­ල­යෙන් ඉන්න කෙනෙක් මොනව හරි කිව්වාම අපේ අය ලේසි­යෙන්ම අහු­වෙ­නවා.

ඇත්ත­ටම රට බේර­ගන්න ඉදි­රි­පත් වෙනවා කියලා කියන ලක් අම්මාම තමයි රට යව­නවා කියලා විශාල වශ­යෙන් සල්ලි ගත්තෙත්. ඒ වගේම අම්බ­ල­න්තොට ප්‍රාදේ­ශීය සභාවේ ජවිපෙ මන්ත්‍රී­ව­ර­යෙක් තරු­ණ­යන් එකතු කර­ගෙන මිය­න්මා­ර­යට ගෙන­හිල්ලා ක්‍රෙඩිට් කාඩ් වංචා­ව­ලට පාවිච්චි කරලා තියෙ­නවා. ඒ අයව ඊයේ ලංකා­වට ගෙන එන්න කට­යුතු කළා.

රට බේර­ග­න්නවා කියන අය­මයි ජන­තාව අමා­රුවේ දාන්නේ. මේ අය ඉන්දි­යා­වට විරුද්ධ වෙලා බොම්බයි ලූනු එපා කියලා, හැට දහ­යක් තරු­ණ­යින් මැරු­වෙත් මේ විදි­හ­ටයි. අද රට යන්න එපා කියලා තරු­ණ­යන්ව වළ­ප­ල්ලට දාලා එදා කරපු දේම තමයි අදත් කරන්නේ. ජනා­ධි­ප­ති­ව­රයා මට සල්ලි වෙන් කරලා දුන්නා, රුපි­යල් බිලි­යන එක­හා­මා­රක්, හෝටල් ක්ෂේත්‍රයේ, සාත්තු සේවා, සඳහා විදේශ රැකියා ඉලක්ක කර­ගත් වෘත්තීය පුහු­ණුව ලබා දෙන්න. ඊට ලියා­ප­දිංචි වෙන අයට ඒ පුහු­ණුව ලබා­දෙන්න අපි කට­යුතු කර­නවා.

ඊශ්‍රා­ය­ලය අපිත් එක්ක තියෙන ගනු­දෙ­නු­වල කිසිම වෙන­සක් නැහැ. එහිදී අපි ඉරා­නය එක්ක තියෙන ගනු­දෙ­නු­ව­ලත් කිසි­වක් වෙනස් කරන්නේ නැහැ. අපි නොබැඳි රාජ්‍ය­යක්.

අපි ඊශ්‍රා­ය­ලය එක්කත් තියෙන රැකියා ගනු­දෙ­නුව මොන විදි­හ­කි­න්වත් නතර කරන්නේ නැහැ. ඉදි­රි­යේදී ක්ෂේත්‍ර රැස­කට ශ්‍රී ලංකි­ක­යින් යොමු කරන්න අපි කට­යුතු කර­නවා. විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ සහ මගේ නිල සමාජ මාධ්‍ය ගිණුමේ තියෙන තොර­තුරු විත­රක් විශ්වාස කරන්න.

දැන් රුපි­යල ශක්ති­මත් වෙන­කොට සල්ලි එවන්නේ නැතිව ඉන්න මත හද­නවා. ඒත් සල්ලි එව්වොත් බඩු මිල අඩු­වෙ­නවා. හැබැයි මත­වාද හදන අය කිය­නවා සල්ලි එවන්න එපා කියලා. සල්ලි එවන ප්‍රමා­ණය මත තමයි රටේ ආර්ථි­කය ශක්ති­මත් වෙන්නේ. ඒ නිසා මම කිය­නවා සල්ලි එවන්න. එවිට ඔබ­ට­මයි යහ­ප­තක් වෙන්නේ.

සුභා­ෂිණී සේනා­නා­යක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT