Home » විවිධ අභි­යෝග රැසක් මැද උමා­ඔය වැඩ නිම වෙයි

විවිධ අභි­යෝග රැසක් මැද උමා­ඔය වැඩ නිම වෙයි

ඉරාන ජන­පති අතින් 24 දා ජනතා අයි­ති­යට

by damith
April 20, 2024 1:09 am 0 comment

පිදු­රු­ත­ලා­ගල කඳු මුදු­නින් ආරම්භ වී රන්ටැඹේ ප්‍රදේ­ශ­යෙන් මහ­වැලි ගඟට වැටෙන උමා­ඔය දිගින් කිලෝ මීටර් 72කින් යුක්තය. බොඔ­රු­ඇල්ල, මාතැ­ටි­ල්ල­ඔය, කුඩා­ඔය, හිල්ඔය, ඇතුළු අතු ගංගා රාශි­ය­කින් පෝෂ­ණය වන උමා­ඔ­යෙන් අක්කර 100ට අඩු ප්‍රදේශ වගා කරන වාරි ව්‍යාපෘති 1024 පිහිටා ඇති අතර, අක්කර 500ට අඩු ව්‍යාපෘති සංඛ්‍යාව 16කි. අක්කර 500ට වැඩි ව්‍යාපෘති ගණන 06කි. උමා­ඔය ඉහළ ප්‍රදේ­ශ­යට වසරේ වැඩි කාල­යක් ඇද හැලෙන වර්ෂා­වත් සමඟ ඇති­වන ගංව­තුර පාල­නය කිරී­මට ජලා­ශ­යක අව­ශ්‍ය­තාව ඇති­වී­මත් සමඟ මේ පිළි­බ­ඳව මූලික කතා­බහ සිදුව ඇත්තේ 1950 ගණ­න්ව­ලදී වුවත් මේ ව්‍යපෘ­තිය සඳහා සැල­සුම් සකස් කිරී­මට කට­යුතු කරන්නේ 1990 දශ­කයේ දී බව වාර්තා වේ. උමා­ඔය යනු කඩි­නම් මහ­වැලි ව්‍යාපා­ර­යෙන් පසු මෙරට බිහි වූ විශා­ල­තම බහු­කාර්ය යෝජනා ක්‍රම­යයි. මේ ව්‍යාපෘ­තිය මඟින් පානීය ජලය විදු­ලිය කෘෂි­ක­ර්මා­න්තය සඳහා අවශ්‍ය වාරි ජලය සහ ගංව­තුර පාල­නය යන අංග කීප­යක්ම ඇතු­ළත් වීම විශේ­ෂ­ත්ව­යකි.

මෙලෙස ව්‍යාපෘ­ති­යට සැල­සුම් සකස් කෙරුණ ද ජන­තා­වගේ හා විවිධ පරි­සර සංවි­ධා­න­ව­ලින් මෙයට එල්ල වූ විරෝ­ධ­තා­වන් නිසා එහි කට­යුතු තාව­කා­ලි­කව ඇන­හි­ටිණි.

එලෙස අඩ­ප­ණව තිබූ මේ ව්‍යාපෘ­තිය 2008 වස­රේදී එව­කට ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා විසින් ඉරාන රජයේ ආධාර උප­කාර මත නැවත ආරම්භ කිරී­මට පිය­වර ගන්නා ලද අතර, ඒ සඳහා වැය වෙතැයි අපේක්ෂා කළ මුදල අමෙ­රි­කන් ඩොලර් මිලි­යන 513කි. ඉන් සිය­යට 85ක මුදල ඉරාන රජය විසින් ණය ආධා­ර­යක් මත ලබා­දී­මට අවශ්‍ය ගිවි­සු­ම­කට හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ සහ එව­කට ඉරාන ජනා­ධි­පති මොහො­මඩ් අහ­මඩ් නේජාඩ් අතර අත්සන් තැබූ අතර, ඉතිරි සිය­යට 15ක මුදල ලංකා රජය විසින් දැරී­ම­ටද සැල­සුම් කෙරිණි.

මේ බහු­කාර්ය ව්‍යාපෘති මඟින් ජාතික විදු­ලි­බල පද්ධ­තිය සඳහා මෙගා­වොට් 120ක විදුලි ධාරි­තා­වක් එක් කිරී­ම­ටත් ඊට අම­ත­රව මෙහි ජලය මොන­රා­ගල හා හම්බ­න්තොට දිස්ත්‍රික්ක සඳහා බෙදා­හැ­රී­ම­ටත් ඉන් ප්‍රදේ­ශයේ ඉඩම් අක්කර 5000කට අවශ්‍ය වාරි ජලය ලබා­දීම හා මොන­රා­ගල බදුල්ල දිස්ත්‍රි­ක්ක­වල ඇති පානීය ජල ප්‍රශ්න­යට විස­ඳුම් ලබා­දී­මට සැල­සුම් කෙරිණි.

ඒ අනුව මේ ව්‍යපෘ­තියේ කට­යුතු 2011 වස­රේදී ආරම්භ වන අතර, මේ ව්‍යාපෘ­තිය හරහා පුහු­ල්පොළ හා ඩය­ර­බා­ව­ලදී ජලාශ දෙකක් ඉදි කිරී­ම­ටද කට­යුතු සූදා­නම් විය. මෙය වැඩි­පු­රම කතා­බ­හට ලක් වන්නේ එහි ඉදි­වන උමං හත­රක් සම්බ­න්ධ­යෙනි. මෙහිදී පුහු­ල්පොළ සිට ඩය­රබා දක්වා කිලෝ මීටර් 4ක උම­ඟක් ඉදි­කර එතැන් සිට කර­ඳ­ගොල්ල භූගත විදුලි බලා­ගා­ර­යට ජලය රැගෙන ඒම සඳහා කිලෝ මීටර් 15.2ක දුරින් යුත් උම­ඟක්ද ඉදි­කර ඉන් භූගත විදුලි බලා­ගා­රය වෙත ජලය ඇතුළු කිරී­මට තවත් කිලෝ මීටර් 1.5ක උම­ඟක්ද ඉදි­කි­රීම සැල­සු­මට අයත් විය. ඉන්පසු විදුලි බලා­ගා­රයේ සිට අලි­කො­ට­ආර දක්වා කිලෝ මීටර් 3.3 භූගත උම­ඟක් මඟින් මෙහි ජලය පිට කිරී­මට කට­යුතු යෙදිණි. 2011 වර්ෂයේ මේ ව්‍යාපෘ­තිය වැඩ කට­යුතු ආරම්භ කර­ගෙන යන අව­ස්ථා­වේදී මේ ව්‍යාපෘ­තිය සම්බ­න්ධ­යෙන් විවිධ පාරි­ස­රික ගැටලු මතු­වන්නේ 2014 වස­රේ­දීය. ඒ මකු­ල්ඇල්ල, පල්ලේ­පෙ­රුව, එගො­ඩ­ගම ඇතුළු ප්‍රදේ­ශ­වල ගෙව­ල්වල සිදුවූ ඉරි­තැ­ළී­මත් සම­ඟය. මීට අම­ත­රව එම ප්‍රදේ­ශ­වල පිහිටි භූගත ජල මට්ටම පහළ බැසීම, පොළොව ගිලා බැසීම, ළිංවල ජලය සිඳී යෑම වැනි පාරි­ස­රික ගැටලු රැසක්ද ඇති­වී­මට පටන් ගෙන තිබිණි.

ඒ සමඟ මෙවැනි සංව­ර්ධන ව්‍යාපෘති පිළි­බ­ඳව වපර ඇසින් බල­මින් එයට විරු­ද්ධව ජන­තාව උසි ගන්ව­මින් ජන­තාව තම දේශ­පා­ලන අව­ශ්‍ය­තාව සඳහා පාවිච්චි කරන එක්තරා දේශ­පා­ලන කණ්ඩා­ය­මක් විසින් උමා­ඔය විනා­ශ­කාරී ව්‍යාපා­ර­යට එරෙහි ජනතා ව්‍යාපා­රය නමින් සංවි­ධා­න­යක්ද බිහි­ක­රන ලදි. එහිදී මේ සංවි­ධා­නය පෙන්වා දෙන විනා­ශ­කාරී තත්ත්ව­යට යම් සහ­න­යක් එම සංවි­ධා­න­යෙන් ලබා ගැනී­මට හැකි වෙතැයි බලා­පො­රො­ත්තු­වෙන් බණ්ඩා­ර­වෙල ජන­තාව මේ සංවි­ධා­නය වටා ඒක­රාශී වන්නට විය.

එලෙස රොද බැඳ ගත් ජන­තාව සමඟ මේ ව්‍යාපා­තිය නතර කර­මින් ඒ තුළින් දේශ­පා­ලන වාසි­යක් ලබා ගැනීමේ අර­මු­ණින් ඔවුන් නොයෙ­කුත් උද්ඝෝ­ෂණ පෙත්සම් අත්සන් කිරීම් ඇතුළු විවිධ වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කර ඉන් නොනැ­වතී 2018 වර්ෂයේ පැවැති පළාත් පාලන මැති­ව­ර­ණය සඳහා ටැප් එක ලකු­ණින් එම ප්‍රදේ­ශ­යට අයත් පළාත් පාලන ආය­ත­න­යට තරග වැදී­මට ස්වාධීන කණ්ඩා­ය­මක්ද ඉදි­රි­පත් කෙරුණ ද මේ ව්‍යාපෘ­තිය මඟින් ඇති වන ප්‍රති­ලාභ පිළි­බ­ඳව හොඳින්ම දැන සිටි බණ්ඩා­ර­වෙල ප්‍රදේ­ශයේ ජන­තාව එම කණ්ඩා­ය­මට ඒ පළාත් පාලන ආය­ත­නයේ බලය ලබා­දී­මට හෝ සැල­කිය යුතු සභි­ක­යන් සංඛ්‍යා­වක් පත් කර යැවී­ම­ට­වත් කට­යුතු නොකෙ­රිණි.

එම තත්ත්වය මත තාව­කා­ලි­කව අත්හැර දමන ලද මේ ව්‍යාපෘ­තියේ වැඩ නැවත වතා­වක් 2015 වසරේ බල­යට පැමිණි යහ­පා­ලන රජය විසින් ආරම්භ කර සිය­යට 65ක් පමණ අව­සන් කිරී­මට පිය­වර ගැනී­මද සඳ­හන් කළ යුත්තකි.

එලෙස විවිධ බාධක මැද්දේ කළ මේ ව්‍යාපෘ­තියේ වැඩ මේ වන විට සම්පූ­ර්ණ­යෙන්ම අව­සන්ව ඇති අතර, ඉන් නිප­ද­වන මෙගා­වොට් 120ක විදුලි ධාරි­තාව අධි බලැති විදුලි රැහැන් කුලුනු 65ක් හරහා කිලෝ මීටර් 23ක දුර ප්‍රමා­ණ­යක් ගෙව­මින් බදුල්ල වෙත ගෙන ඒමෙන් අන­තු­රුව ජාතික විදුලි බල පද්ධ­ති­යට සම්බන්ධ වන අතර, එය නිල වශ­යෙන් මේ මස 24 වැනි දින ඉරාන ජන­පති Ebrahim Raisi මහතා අතින් විවෘත කිරී­මට නිය­මිත බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.සී.එස්. ඇළ­කන්ද මහතා පව­සයි. ඒ අනුව මෙයින් දින­කට මිලි­යන 80ත් 100ත් වටි­නා­ක­ම­කින් යුත් ජල විදුලි ධාරි­තා­වක් ජාතික පද්ධ­ති­යට එක්කළ හැකි බවද ඔහු තව­දු­ර­ටත් පැව­සීය.

බදුල්ල - නිශාන්ත අබේ­ගු­ණ­ව­ර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT