Home » මලියදේව-රාජකීය ජය ලබද්දී වෙස්ලි-සාන්ත ආනා ‘බී’ කොටසට වැටේ
19න් පහළ දෙදින ක්‍රිකට්

මලියදේව-රාජකීය ජය ලබද්දී වෙස්ලි-සාන්ත ආනා ‘බී’ කොටසට වැටේ

by sachintha
April 22, 2024 1:38 am 0 comment

කුරුණෑගල මලියදේව සහ කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම් අවුරුදු 19න් පහළ පළමු කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ තම ස්ථානයන් තහවුරු කර ගැනීමට සමත් විය.

මලියදේව විදුහල සිය සාම්ප්‍රදායික ප්‍රතිවාදියා වූ කුරුණෑගල සාන්ත ආනා විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගත් අතර කොළඹ රාජකීය විදුහල කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව පළමු ඉනිම ජය ගැනීමට සමත් විය.

මේ අනුව කුරුණෑගල සාන්ත ආනා සහ කොළඹ වෙස්ලි විදුහල් මීළඟ වාරයේ සිට පළමු පෙළ ‘බී’ තරගාවලියට පහත හෙළීම සිදුවේ.

මලියදේවයට පළමු ඉනිමේ ජයක්

සා. ආනා පළමු ඉනිම – 264/9 (ඕවර 90.3), කුෂාන් සුබසිංහ නොදැවී 68, ෂෙහාන් කුමාර 65, චමිත් සසේංජන 39, යෂ්මින් ජයසුන්දර 38 (ගයන වීරසිංහ 99/6, දීමන්ත අරූෂ 17/2)

මලියදේව පළමු ඉනිම – 296/7 (ඕවර 101.1), ගයන වීරසිංහ 152, දිමන්ත අරූෂ 44, පැහැසර බණ්ඩාර 38 (ජිනාජිත් වීරමුණි 53/2)

රාජකීයට මුල් ඉනිමේ ජය

වෙස්ලි පළමු ඉනිම – 276 (ඕවර 85.4), ලිතුම් සෙනුල 76, ජේතන් වයිමන් 50, ලිනාල් සුබසිංහ 36, නිළුපුල් ලියනගේ 30, යෙනුල බණ්ඩාර 60/3, නෙත්වින් ධර්මරත්න 27/2, රමිරු පෙරේරා 44/2)

රාජකීය පළමු ඉනිම – 321/9 (ඕවර 85.5) නෙත්වින් ධර්මරත්න 78, හිරුන් මතීෂ 58, දිනුර සේනාරත්න 52, ඕවින අඹන්පොළ 38 (ෂකේෂ් මිනොන් 58/3, නිළුපුල් ලියනගේ 58/3, ලිනාල් සුබසිංහ 72/2)

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT