Home » සජබ අශෝක හේරත් සමඟ තවත් පිරිසක් එජාපයට

සජබ අශෝක හේරත් සමඟ තවත් පිරිසක් එජාපයට

by sachintha
April 23, 2024 12:30 am 0 comment

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමඟි ජනබලවේගයේ සහ ජාතික ජනබලවේගයේ පිරිසක් තමන් සමඟ එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කිරීමටත් ඉදිරි මැතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමටත් පියවර ගෙන ඇති බව සමඟි ජනබලවේගයෙන් තරග කළ අශෝක හේරත් මහතා පවසයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙලෙස ද කීවේය.

“මම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සමඟි ජනබලවේගයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරග කළා. මේ වන විට එම පක්ෂය පිළිබඳව ඇතිව තිබෙන යම් යම් කළකිරීම් නිසා පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට පැමිණීමට පියවර ගත්තා.”

හැටන් මධ්‍යම විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT