Home » මීටියාගොඩ නිවෙසක හොර යතුරුපැදියක් සහ කඩු දෙකක්

මීටියාගොඩ නිවෙසක හොර යතුරුපැදියක් සහ කඩු දෙකක්

by sachintha
April 23, 2024 1:20 am 0 comment

නිවෙසේ සිටි කතක් ඇතුළු දෙදෙනෙකුත් අත්අඩංගුවට

පසුගිය 21 වැනි දින මීටියාගොඩ පොලිස් වසමේ ආවාස පාර, කොරොට්ටගොඩ, කළුපේ, හික්කඩුව ලිපිනයේ පදිංචි කාන්තාවක් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමක සිදුකරන බවට ලද තොරතුරක් මත අම්බලන්ගොඩ, පොල්වත්ත ප්‍රදේශයේ ස්ථාපිත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම නිවෙසේ වැටලීමක් සිදුකළ බව විශේෂ කාර්ය බලකාය පවසයි.

එම නිවෙස පරීක්‍ෂා කිරීමේදී අනන්‍යතාවය හෙලි කිරීමට නොහැකි වූ කළු පැහැති ඩියෝ වර්ගයේ ස්කූටි යතුරු පැදියක්, අඩි 02ක කඩුවක් සහ හිස් කොපුවක්, අඩි 03ක කඩුවක් සමඟ එම නිවෙසේ රැඳී සිටි 30 හැවිරිදි පුද්ගලයකු සහ 53 හැවිරිදි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගත් බවද එම බළකාය පවසයි.

නීති විරෝධී මත්ද්‍රව්‍ය සොයාගැනීමට නොහැකි වී ඇති අතර අත්අඩංගුවට ගත් උපකරණ, යතුරු පැදිය සහ සැකකරු හා සැකකාරිය පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් මීටියාගොඩ පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (22) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ කටයුතු මීටියාගොඩ පොලිස් ස්ථානය මඟින් සිදුකරනු ලබයි.

ගාල්ල දිස්ත්‍රික් සංචාරක ධර්මදාස සිරිවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT