Home » දිඹුලාගල, කජුවත්ත ගමට අලි ඇවිත් පොල් ගස් ඇතුළු වගාවන් රැසක් වනසලා

දිඹුලාගල, කජුවත්ත ගමට අලි ඇවිත් පොල් ගස් ඇතුළු වගාවන් රැසක් වනසලා

by sachintha
April 23, 2024 1:20 am 0 comment

පොලොන්නරුව, දිඹුලාගල, කජුවත්ත ගම්මානයට ඊයේ (21) අලුයම කඩා වැදුණු වන අලි රංචුවක් තම ගම්මානයේ ගෙවතු කිහිපයක, පීදීමට ආසන්නව තිබුණු පොල් ගස් සියයකට ආසන්න සංඛ්යාවක් විනාශ කරමින්, කෙසෙල් වගාවන් රැසක්ද වනසා එම වන අලි රංචුව පලා ගොස් ඇති බව කජුවත්ත ගොවීහු සඳහන් කරති.

වසර ගණනාවක් තමන් දුක් මහන්සියෙන් වගා කරගත් පොල්, කෙසෙල්, අඹ, ඇතුළු භෝග වගාවන් එම වන අලි රංචුව විසින් වනසා ඇති බව බවත් තම ගෙවත්තේ පමණක් පොල් ගස් විස්සකට ආසන්න සංඛ්‍යාවක් විනාශ කර ඇති බව කජුවත්ත ගම්මානයේ, ගොවි මහතෙකු වන 59 වියති ඩබ්ලිව්.එම්. අප්පුහාමි මහතා සඳහන් කළේය.

මාදුරුඔය ජාතික වනෝද්යානයෙන් නිරන්තරව කඩා පනින මෙම වන අලි රංචු නිසා තම කජුවත්ත ගම්මානය ඇතුළු අවට ගම්මානවල ගොවි පවුල් තුන්දහකට ආසන්න සංඛ්‍යාවක් දැඩි අසීරුතාවට පත්ව ඇති බවද ඒ මහතා කීවේය. මාදුරුඔය ජාතික වනෝද්යානයේ පවතින ආහාර, ජල හිඟය සහ තම ගම්මාන ආවරණය වන පරිදි ඉදිකරන ලද විදුලි වැටට අක්රිය වීම මෙම වන අලින් ගම් වැදීමට ප්‍රධාන හේතුවක් බවද කජුවත්ත ගොවි සංවිධාන නියෝජිතයෝ මෙන්ම ගොවීහු සඳහන් කරති.

තමන් ගෙවත්තේ වගා කරගන්නා අඹ, කෙසෙල්, පොල්, ඇතුළු අනෙකුත් පලතුරු, එළවළු වගාවන් එක රාත්රියකින් වන අලි රංචු විනාශ කිරීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව සිටින අතර බොහෝ ගොවීන් එම වගාවලින් ඉවත්වීම හේතුවෙන් තමන්ට අමතර මුදලක් වැය කර වෙළෙඳ පොළින් පොල් සහ එළවළු, පලතුරු ලබා ගැනීමට සිදුවීම කණගාටුවට කරුණක් බවද දිඹුලාගල කජුවත්ත ගොවීහු පෙන්වා දෙති.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන කජුවත්ත ඇතුළු අවට ගම්මාන වලට පවතින අලි මිනිස් ගැටුම මර්දනය කිරීමට ප්‍රදේශය ආවරණ වන පරිදි විදුලි වැටක් ඉදිකරදීමට අවශ්ය කටයුතු කරන ලෙසත්, මාදුරුඔය ජාතික වනෝද්යානයෙන් තම ගම්බිම්වලට කඩා වදින වන අලි පලවා හැරීමට විශේෂ මෙහෙයුමක් ක්රියාත්මක කරන ලෙසත්, එසේ නොමැති නම් මාදුරුඔය ජාතික වනෝද්යානයෙන් වන අලි ගම්වැදීම වළකාලීමට කුමන හෝ ක්රියා මාර්ගයක් ගන්නා ලෙසද කජුවත්ත සහ අවට ගම්මානවල ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.

සිරිපුර මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT