Home » බලයට පත්වන්න ප්‍රහාරයක් කරන්න ගෝඨාභය රාජපක්ෂට වුවමනාවක් තිබුණේ නෑ

බලයට පත්වන්න ප්‍රහාරයක් කරන්න ගෝඨාභය රාජපක්ෂට වුවමනාවක් තිබුණේ නෑ

by mahesh
April 25, 2024 1:00 am 0 comment

බලයට පත්වීම සඳහා පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාරයක් සිදු කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් ගෝඨාභය රාජපක්ෂ මහතාට නොතිබූ බවත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ සිදු කළ බව රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.

රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත් මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.

රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත් මහතා තවදුරටත් මෙසේද පැවසීය.

ප්‍රහාරය සිදු වූයේ යහපාලන ආණ්ඩුව සමයේ. පාර්ලිමේන්තුවේ දවස් 14 ක් විවාද කරලා තිබෙනවා මේ ගැන. නමුත් කුමක්ද වෙලා තියෙන්නේ. මේ ගැන අපිට මොකක් ද ජනතාවට කියන්න තිබෙන්නේ. ඒක ප්‍රශ්නයක්. මේ වගේ බොහෝ ප්‍රහාර ලංකාවේ සිදු වුණා. අරන්තලාවේ හාමුදුරුවෝ මැරුවා. දිඹුලාගල හාමුදුරුවන් ඝාතනය කළා. අනුරාධපුර ශ්‍රී මහා බෝධියට පහර දුන්නා. මේවා කවදාවත් සිදු විය යුතු නෑ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT