Home » අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරියක් යැවූ ලිපිය ගැන කරුණු විමසන්න උපදෙස් දුන්නා

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරියක් යැවූ ලිපිය ගැන කරුණු විමසන්න උපදෙස් දුන්නා

by mahesh
April 25, 2024 1:00 am 0 comment

රජයේ පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක යවා ඇති ලිපිය සම්බන්ධයෙන් කරුණු විමසන ලෙස අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් ලබාදුන් බව සභානායක, අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කෙළේය. ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් ලිපියක් යොමුකිරීමට එම ලේකම්වරියට හැකියාවක් නොමැති බවත් මේ සම්බන්ධයෙන් වහාම කරුණු විමසන ලෙස අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් ලබාදුන් බවත් සභානායකවරයා පැවැසීය.

2024.03.28 වැනි දින රජයේ පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සිය වැටුප් විෂමතා ගැටලු‍ව සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමුවීමෙන් අනතුරුව 2024.04.18 වැනි දින අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක් ලිපියක් යැවීම සම්බන්ධයෙන් ඇති වී ඇති ගැටලුව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT