Home » ගුරු නිවසේ ගෙළ වැළලාගෙන තරුණ ගුරුවරිය මියයයි

ගුරු නිවසේ ගෙළ වැළලාගෙන තරුණ ගුරුවරිය මියයයි

by yasara
April 25, 2024 2:52 pm 0 comment

පිටමාරුව දෙමළ ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියක  ගුරු නිවාසය තුල ගෙළ වැළලාගෙන ඊයේ (24) දින මියගොස් ඇතැයි වාර්තාවේ .

මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි සෝලන්ඩ් වත්ත ලුණුගල ලිපිනයේ පදිංචි තරුණ ගුරුවරියක බවද පොලිසිය පවසයි.

ඇය එම විද්‍යාලයේ ගුරු නිවාසය තුල නේවාසිකව සිටින අතර ඊයේ නව වාරයේ පාසල් ආරම්භ කිරිමට පෙරදින ගුරු නිවාසය වෙත පැමිණ ඇතැයිද පොලිසිය කීය.

පසුව 24 දින පාසලේ ඉගෙනීමේ කටයුතු කරමින් සිටින අතරතුර ගුරු නිවාසයට ගොස් නැවත නොපැමිණීම පිලිබඳව සොයි බැලිමේදි එහි බාල්කයක ගෙළ වැළලාගෙන සිටිනු ගුරුවරුන් දැක ඒ පිළිබඳව පොලිසියට පවසා ඇත.

ඇය විවහා ගිවිස ගෙන සිටි තරුණියක් වන අතර ඔහු විදේශ රැකියාවක නිරතවන බවට කරුණු අනාවරණය වි ඇතැයිද මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන කටයුතු බිබිල පොලිස් ස්ථානය මගින් සිදු කරන බවත් පොලිසිය තවදුරටත් සදහන් කලේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT