Sunday, May 5, 2024
Home » කල්පිටියේදී රන් කිලෝ 37ක් කොල්ලකෑම: සැකකරුවන් 5 දෙනා සොයාගන්න පොලිසිය මහජන සහාය පතයි

කල්පිටියේදී රන් කිලෝ 37ක් කොල්ලකෑම: සැකකරුවන් 5 දෙනා සොයාගන්න පොලිසිය මහජන සහාය පතයි

- සහෝදරයන් දෙදෙනකුත් ඒ අතර

by sachintha
April 26, 2024 1:00 am 0 comment

 

කල්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයකු පැහැරගෙන ගොස් රන් කිලෝ 37ක් කොල්ලකෑමක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම කොල්ලය සිදුකළැයි හඳුනාගෙන සිටින පුද්ගලයන් පස් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතයි.

ගිය වසරේ නොවැම්බර් 23 වැනිදා මේ කොල්ලය සිදු වී ඇත. කොල්ලකරුවන් මේ වන විට පදිංචි ස්ථානවලින් පලාගොස් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හඳුනාගත් සැකකරුවන් 05 දෙනා සම්බන්ධයෙන් කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මේ අය අතර සහෝදරයන් දෙදෙනෙක්ද සිටියි. මෙසේ අත්අඩංගුවට ගැනීමට සොයන හඳුනාගත් සැකකරුවන් වන්නේ මැණික්හින්න නාපාන පදිංචිකරුවෙක් වන මැණික්ගෙදර සංජය නලින්ද කුමාර, ගාල්ල ගින්තොට බෝපේ පදිංචිකරුවෙක් වන තරිඳු දුෂ්මන්ත රණවීර ජයරත්න, මැණික් හින්න නාපන පදිංචිකරුවෙක් වන මැණික්ගෙදර නුවන් අජිත් බණ්ඩාර, පුත්තලම පුබුදුගම සමගිපුර පදිංචිකරුවෙක් වන ජයසිංහ ආරච්චිගේ දුමින්ද තුෂාර, ගුන්නෑපාන නාපාන පදිංචි දමුණුගහ ගෙදර දමිත් මංජුල අමරසිංහ මේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තොරතුරු ඇතොත් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. මේ ඡායාරූපවල සිටින සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරීවරයාට 071859 1763 අංකය අමතා හෝ සමූහ මංකොල්ල විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිගේ 071859 4916 දුරකතන අංකයට අමතා දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT