Sunday, May 5, 2024
Home » ශ්‍රීලනිප වැඩබලන ලේකම් දුමින්ද

ශ්‍රීලනිප වැඩබලන ලේකම් දුමින්ද

by sachintha
April 26, 2024 1:47 am 0 comment

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත් කර තිබේ.මහින්ද අලුත්ගෙදර එම පක්ෂයේ වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාට ධුරයේ කටයුතු කිරීම වළකාලමින් අධිකරණයෙන් වාරණ නියෝගයක් පනවා ඇති පසුබිමක මෙම පත්වීම සිදු කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් පක්ෂයේ වැඩබලන සභාපති ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශ්වය විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (25) පැවැති අවස්ථාවේදී දුමින්ද දිසානායක මහතා මේ තනතුරට පත් කර තිබේ.

වර්තමානයේ දේශපාලන මණ්ඩලයට තිබෙන වාරණ නියෝගත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වෙලා තිබෙන්නේ දහ දෙනකුට පමණයි. ඉන් එක් අයකුට මේ අවස්ථාවට සහභාගි වීමට නොහැකි බව දන්වා තිබෙනවා. අනෙකුත් අය අද රැස්වීමට එක් වුණා. වැඩබලන ලේකම්වරයාට වාරණයක් තිබෙන නිසා අද පැමිණි අය මාව වැඩබලන ලේකම් තනතුරට පත් කළා. අපේ මහගෙදර දැන් පිරිසුදුයි වගේම දැන් ඕනෑම අයකුට අපි එක්ක එකතු වෙලා රටේ ශක්තිමත්ම පක්ෂය බවට නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් කරන්නට හැකියාව තිබෙන බව රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කීවේය.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT