ගිනියා නව කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන ඇමැතිධුර කාන්තාවන්ට | දිනමිණ

ගිනියා නව කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන ඇමැතිධුර කාන්තාවන්ට

ගිනියාහි අග්‍රාමාත්‍යවරයා විසින් නව කැබිනට් මණ්ඩලය නම් කරනු ලැබිණි. මෙහිදී ප්‍රධාන අමාත්‍ය ධුර කිහිපයක් සඳහාම කාන්තාවන් නම් කිරීම විශේෂත්වයකි. කාන්තාවන් සවිබල ගැන්වීම තුළින් රටට නව ජීවයක් ලබාදීමට අදහස් කරන බව අගමැතිවරයා ප්‍රකාශ කළේය. ආර්ථිකය නැවත නගාසිටුවීම මෙන්ම තරුණ ජීවිත වැඩි දියුණු කිරීම තම අරමුණ බව නව කැබිනට් මණ්ඩලය නම් කරමින් ඔහු සඳහන් කරන ලදී.

සාධාරණ නොවූ මැතිවරණයකැයි විරුද්ධ පක්ෂ චෝදනා කරද්දී ගිනියා හි ඉදිරි පස් වසර සඳහා ජනාධිපති ලෙස ඇල්ෆා කොණ්ඩෙ දිවුරුම් දුන්නේය. ඔහුගේ නව රජයේ නව අමාත්‍යවරුන් 16 දෙනා ඔවුන්ගේ විශේෂඥභාවය මත පත්කරන බව ජනාධිපති ප්‍රකාශක පැවැසීය.

අග්‍රාමාත්‍ය මැමඩ් යෝලාගේ නව කැබිනට් මණ්ඩලයට එක් වූ නව මුහුණු අතර ආර්ථික හා මූල්‍ය අමාත්‍ය ධුරය හිමිවූයේ 44 හැවිරිදි මලාඩෝ කබාටය. විදේශ ඇමැතිනිය ලෙස මකේල් කැමරා ද පතල් සහ භූ විද්‍යා ඇමැතිනිය ලෙස අබ්ඩොලයේ මගස්සොබා ද පත්කර තිබේ.

යෝලා පුද්ගලික මෙන්ම රජයේ ආයතනවලද එරට මහ බැංකුවේ ද සේවය කර තිබේ. අග්‍රාමාත්‍ය තනතුරුට ඔහු පත්කිරීම පිළිබඳව විරුද්ධ පක්ෂ නායකයාද සිය ප්‍රසාදය පළ කර තිබුණි. ගිනියාහි බහුතරයක් දිනකට ඩොලර් 1.08කටත් වඩා අඩු මුදලක් උපයන දිලින්දන් වේ. 1958 දී ප්‍රංශයෙන් නිදහස් වු ගිනියාව පසුගිය කාලය තුළ එබෝලා වෛරසයෙන්ද නොසෑහෙන ලෙස බැට කෑවේය.

ඒ.එෆ්.පී.

නව අදහස දක්වන්න