ඇමැති දේහයට අවසන් බුහුමන් දක්වන්න මහ පිරිසක් | දිනමිණ

ඇමැති දේහයට අවසන් බුහුමන් දක්වන්න මහ පිරිසක්

ත්‍රිකුණාමලය විශේෂ ඒ. ටි. එම්. ගුණානන්ද

අභාවප්‍රාප්ත ඉඩම් ඇමැති එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතාගේ දේහය ඊයේ (21) පෙරවරුවේ කන්තලේ පිහිටි නිවසට මහජන ගෞරවය සඳහා රැගෙන එනු ලැබීය. කන්තලේට පිවිසෙන අග්බෝපුර පොලිසිය ඉදිරිපිට මාර්ගයේ දි දේහය ප්‍රදේශවාසින් විසින් භාරගත් අතර එතැන් සිට නගරය හරහා නිවසට දේහය රැගෙන එනු ලැබුවේ රිය පෙරහරකිනි.ඒ වනවිටත් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල ජනකායක් මාර්ගය දෙපස හා නිවස ඉදිරිපිට රැස්වී සිටියහ.

ත්‍රිකුණාමලයේ නියෝජ්‍ය පොලිස්පති මැකාති පෙරේරා , යුද හමුදා 222 බලසේනාධිපති කර්නල් කමල් පින්නවල මහත්වරු දේහයට අවසන් ගෞරව දැක්වීමට හා ආරක්ෂක විදිවිධාන සැලසීමට පැමිණි සිටි අයුරු දක්නට ලැබුණි.කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සි.කේ.රණසිංහ මහතාගේ මුලිකත්වයෙන් වි‍ශේෂ රථවාහන හා ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කර තිබුණි. දේහය මහජන ගෞරවය සඳහා අදත් (23)නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු එදින පස්වරුවේ ලිලාරත්න ක්‍රිඩාංගණයේදි පැවැත්වේ.

දේහයට අවසන් ගෞරව දැක්වු අයුරු සහ අවසන් ගෞරව දැක්වීමට රැදි සිටි ජනකාය ජායාරූප - ත්‍රි/මලය විශේෂ

 

නව අදහස දක්වන්න