යුද්ධයෙන් සිරියාවේ 50,000කට අධික පිරිසක් අවතැන් | දිනමිණ

යුද්ධයෙන් සිරියාවේ 50,000කට අධික පිරිසක් අවතැන්

යුද්ධය හේතුවන් සිරියාවේ ඇලෙප්පෝ හි පමණක් 50,000කට අධික පිරිසක් අවතැන් වී සිටි බව ජාත්‍යන්තර රතු කුරුස කමිටුව ප්‍රකාශ කරයි. එම ප්‍රදේශයෙන් මානුෂීය මුහුණුවර පලා ගොස් ඇතැයි ද අලෙප්පෝ නගරය තුළ ජල පහසුකම් පවා නවතා දමා ඇතැයි ද ඔවුහු සඳහන් කරති‍

ප්‍රධාන වශයෙන් රුසියානු ගුවන් බලයත් සමඟ සිරියානු රජය විසින් ත්‍රස්ත කණඩායම් අතට පත්ව තිබූ ප්‍රදේශ නැවත බේරා ගැනීමේ මෙහෙයුම් දැඩි කෙරිණි.

මේ අතර තම දේශසීමාව අසළ රැඳී සිටින 30,000ක් පමණ සිරියානු සරණාගතයන් තුර්කියට මහත් හිසරදයක් වී තිබේ.

ආධාර සැපයීමේ මාර්ග පවා අහුරා තිබීම සාමාන්‍ය ජනතාව වෙත පටවා ඇති අමානුෂීය බරක් බව රතුකුරුසිය සිය නිවේදනයේ සඳහන් කරයි. ආහාර, ජලය, සහ හිසට සෙවණක් නැතිකම නිසා ඔවුන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බවද එහි දැක්වේ.

ගෙවී ගිය පස් වසර තුළ තුර්කිය භාරගත් සිරියානු සරණාගතයින් සංඛ්‍යාව මිලියන 2.5කට වැඩිය. සිරියානු රජය සහ විරුද්ධ පක්ෂ අතර සාම සාකච්ඡා ද ආරම්භයේ දීම බිඳ වැටුණි.

ඒ. එෆ්. පී.

නව අදහස දක්වන්න