ශ්‍රී ලංකා කණ්ඩායමට ඩයලොග් අනුග්‍රහය | දිනමිණ

ශ්‍රී ලංකා කණ්ඩායමට ඩයලොග් අනුග්‍රහය

 බංග්ලාදේශයේ දී ලබන සතියේ ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ආසියානු කුසලානයේ වත්මන් ශූරයන් වන ශ්‍රී ලංකා කණ්ඩායමට ඩයලොග් ආයතනයේ අනුග්‍රාහකත්වය පිරිනැමීම ඊයේ ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී සිදුකෙරිණි. එහි දී ඩයලොග් ආයතනයේ සමූහ විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජේසුරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහාපති, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට අනුග්‍රාහකත්ව චෙක්පත පිරිනැමූ අයුරු. ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස, ඩයලොග් ආයතනයේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරීනී අමලී නානායක්කාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‍ලේකම් මොහාන් ද සිල්වා, ජාතික ක්‍රිකට් පුහුණුකරු ග්‍රෙහැම් ෆෝඩ් සහ විස්සයි20 ක්‍රිකට් නායක ලසිත් මාලිංග මහත්වරු ද මෙහි වෙති.

ඡායාරූපය - රුක්මාල් ගමගේ

නව අදහස දක්වන්න