කොළඹ වාහන තදබදය අවම කිරීමට නව මාර්ග දෙකක් | දිනමිණ

කොළඹ වාහන තදබදය අවම කිරීමට නව මාර්ග දෙකක්

සමන්මලී ප්‍රියශාන්ති

 කොළඹ නගරයේ පවතින දැඩි රථවාහන තදබදය අවම කිරීමට නව මාර්ග දෙකක් කුළුණු මත ඉදි කිරීමට රජය තීරණය කර තිබේ. මේ අනුව නව කැලණි පාලමේ සිට රාජගිරිය දක්වා මංතීරු 4කින් යුතු, කි.මී.6.9 ක දිගින් යුතු කුළුණු මත ඉදි කරනු ලබන මහාමාර්ගයක් ද (Elevated Highway) කැලණි පාලමේ සිට කොළඹ වරාය පිවිසුම දක්වා කි.මී.5.8 ක දිගින් යුතුව මහාමාර්ගයක් ද කුළුණු මත ඉදිකිරීමට යෝජිතය.

නව කැලණි පාලමේ සිට රාජගිරිය දක්වා මංතීරු 4කින් යුතු මහාමාර්ගය බත්තරමුල්ල, මාලඹේ,අතුරුගිරිය සහ පිටත වටරවුම් මාර්ගය සමඟද සම්බන්ධ වෙන පරිදි කුළුණු මත ඉදිකිරීමට නියමිතය. ආසියානු සංවර්ධන බැංකුව සහ ජපාන රජය මේ සඳහා අරමුදල් සැපයීමට ඉදිරිපත් ව සිටියි. කුළුණු මත ඉදිකෙරෙන මේ නව මාර්ග දෙක සඳහා කැබිනට් අනුමැතිය ද හිමිව තිබෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. 

නව අදහස දක්වන්න